Header Ads

Breaking News
recent

එක්නැලිගොඩ ඝාතකයා චම්පික රණවකයි.. සාක්‍ෂි දෙන්න අජිත් ප‍්‍රසන්න සූදානම්

ප්‍රදීප් එක්නැලිගොඩ නම් මාධ්‍යවේදියා පැහැරගෙන ගොස් ඝාතනය කර ඇත්තේ පසුගිය රජයේ හිටපු ඇමතිවරයකු පාඨලී චම්පික රණවක විසින් බව විශ‍්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න මහතා සඳහන් කරයි.

ඔහු මේ බව සඳහන් කරන ලද්දේ හෝමාගම අධිකරණ භූමියේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.

චම්පික රණවක මහතාගේ අයථා සම්බන්ධයක් පිළිබඳව පුවතක් අන්තර්ජාලයේ පළ කිරීම හේතුවෙන් ඇමතිවරයා විසින් එම ඝාතනය සිදු කළ බවද අජිත් ප්‍රසන්න මහතා පැවැසීය.

ඒ සඳහා අධිකරණ ක්‍රියාමාර්ග ගන්නේ නම් ප්‍රදීප් එක්නැලිගොඩ මහතාගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියට අවශ්‍ය සාක්ෂි සපයා දීමට තමන් සූදානම් බව අජිත් ප‍්‍රසන්න මහතා තව දුරටත් කියා සිටියේය.

lankacnews


No comments:

Powered by Blogger.