Header Ads

Breaking News
recent

සුදු වෑන් යලි ඇවිල්ලා.. මිනිසුන් පැහැර ගන්නවා - අකිල

නැවතත් ශ්‍රී ලංකාව තුළ සුදු වෑන් සංස්කෘතියක් ඇති වී තිබේදැයි සැක බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

ස්විට්සර්ලන්තයේ තානාපති කාර්යාල නිලධාරිනියක් වෑන් රථයකින් පැහැරගෙන යාමේ සිදුවීමක් නිසා මේ සැකය නිර්මාණය වී ඇතැයි ද ඔහු සඳහන් කළේය.

මහලේකම්වරයා මෙම අදහස් පල කරන ලද්දේ එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

රහස් පොලිසියේ නිලධාරීන්ට රටින් පිටවීම අත්හිටුවමින් ඔවුන්ට විවිධ චෝදනා නැගීම ඉතා නරක තත්ත්වයක් බවද මහලේකම්වරයා පැවසීය.

නව ජනාධිපතිවරයා පත් වී මුල් දින කිහිපයේදී සිදුවී ඇති සිද්ධි වලට අනුව නැවතත් සුදු වෑන් සංස්කෘතියක් ආරම්භ වී ඇතිදැයි සැක සිතන බවද ඔහු එහිදී කියා සිටියේය.


No comments:

Powered by Blogger.