Header Ads

Breaking News
recent

රනිල්ට වැඩ වරැදී - වාසු රනිල්ගේ සියල්ල හෙළි කරයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එල්ල වී තිබෙන බරපතළ චෝදනා සම්බන්ධයෙන් තමා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට ඉදිරිපත් කළ පැමිණිල්ල පිළිබඳව මෙම සතිය තුළදී යළි පසුවිපරමක් කරන බවත් එම පැමිණිල්ල සම්බන්ධයෙන් මේ වනවිට ගෙන ඇති ක්‍රියාමාර්ග ගැන තමා අල්ලස් කොමිසමෙන් විමසීමක් කරන බවත් ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා 'මව්බිම'ට ප්‍රකාශ කළේය.

ශ්‍රී  ලංකා මහ බැංකුවේ බැඳුකර චෝදනාව සම්බන්ධයෙන් එවකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එල්ල වී තිබෙන චෝදනා පහසුවෙන් බැහැර කළ නොහැකි බවත් ඒ අනුව රනිල් වික්‍රමසිංහ මහතා අල්ලස් කොමිසමට ගෙන්වා මෙම වංචාව සම්බන්ධයෙන් ප්‍රශ්න කළ යුතු බවත් රාජ්‍ය අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පෙන්වා දෙයි.

මේ වනවිට මෙම බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් බරපතළ චෝදනා එල්ල වී තිබෙන ශ්‍රී  ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා සිංගප්පූරුවෙන් වෙනත් රටකට පලාගොස් තිබෙන බවට කතාවක් පැතිර යන බවත් ඔහු ඒ ආකාරයෙන් සැඟවී යෑමට පෙර මෙම පරීක්ෂණ කටයුතු කඩිනම් කිරීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම පියවර ගත යුතුව ඇති බවත් වාසුදේව නානායක්කාර මහතා සඳහන් කරයි.

බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එල්ල වී තිබෙන චෝදනා සම්බන්ධයෙන් තමා විසින් සිදුකරන ලද පැමිණිල්ල පිළිබඳව මේ දක්වා ගත් පියවර කවරේද? කියා මේ සතිය ඇතුළතදී අල්ලස් කොමිසමෙන් ලිඛිතව විමසීමක් සිදුකරන බවත් වාසුදේව නානායක්කාර මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ඩබ්ලිව්.කේ. ප්‍රසාද් මංජු


No comments:

Powered by Blogger.