Header Ads

Breaking News
recent

ශ‍්‍රී මහා බෝධිය වටා තියෙන්නේ තනි කැරට් 22 රන් වැටක්.. ඒක මගේ වැඩක් - වජිර අබේවර්ධන

ස්වදේශ කටයුතු ඇමතිවරයා ලෙස බෞද්ධ සිද්ධස්ථාන සඳහා මුදල් වෙන් කරමින් බෞද්ධයින් අතර විශ්වාසයක් ගොඩනැගෙමින් සිටියදී බුදුදහම සම්බන්ධයෙන් ඇතැම් මන්ත්‍රීවරුන් සිදු කල ප්‍රකාශ නිසා තම වෑයම ගඟට කැපු ඉණි කැපුවා සේ වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා ඊයේ නෙලුවේදී පැවසීය.
මට ලැබුණු ස්වදේශ කටයුතු ඇමතිකමෙන් මම පන්සල් වලට ඇතිවෙන්න සල්ලි බෙදුවා.ජයශ්‍රී මහා බෝධියේ රන්වැට අද තියෙන්නේ කැරට් 22 රත්තරන්වලින් නිර්මාණය කරලා.මම ශ්‍රීපාදය ගැසට් කලේ මම.තවත් විහාරස්ථාන රාශියක් පුජා භුමි ලෙස ගැසට් කළා.ස්වදේශ කටයුතු ඇමතිකම හරහා මම පිංකම් ගොඩක් සිද්ද කරගත්තා.ජනතාව අතර ලොකු විශ්වාසයක් ගොඩනගාගෙන එනකොට පක්ෂයේම මන්ත්‍රීවරුන් මහා සංඝ රත්නය ගැන සිද්ද කල ප්‍රකාශ සහ ක්‍රියා පිළිවෙත නිසා මහා සංඝ රත්නය සහ බැතිමතුන් අතර රජය කෙරෙහි විශ්වාසය නැතුව ගියා.ජනාධිපතිවරණයේදී ඒක ලොකු අවාසියක් වුනා.විපක්ෂයත් මාකට් කලේ ඒවගේ මාතෘකා.එකෙන් ලොකු අවාසියක් අපිට සිද්ද වුනා.

රන්ජන් වේදිකාවක නැගපු හැමවෙලාවකම ඉවක් බවක් නැතුව සිදු කල ප්‍රකාශ නිසා මහා සංඝ රත්නය අතර ආණ්ඩුව සම්බන්ධයෙන් තිබුණු විශ්වාසය පලුදු වුනා.මිනිස්සු අතර මතයක් ගොඩනැගුනා.යු.එන්.පී එක බුදුදහමට නිසි තැන ලබාදෙන්නේ නැහැ කියලා.

වෙලාවට රන්ජන් වේදිකාව නගින්න නගින්න අපිට සිංහල බෞද්ධ චන්ද පදනම අහිමි වෙන්න ගත්තා.ගාල්ලේ වේදිකාවට ගොඩ උනානම්  මහා සංඝරත්නය වේදිකාවෙන් බැහැලා යනවා.යන යන තැන ආසන පරද වුනා.ගාල්ල විතරයි දිනාගන්න පුළුවන් වුනේ…රන්ජන් ගාල්ලේ වේදිකාවට ආවනම් මට ගාල්ල ආසනයත් පරදින්න තිබුනා..ඇමතිකම හරහා මම සිංහල බෞද්ධයින් අතර ඇතිකරගත්ත විශ්වාසය අහිමි කළා.නැවත ඇමතිකමක් ලැබුනොත් මම කරන්නේ ස්වදේශ කටයුතු ඇමතිකම ඉල්ලගෙන සම්බුද්ධ සාසනය වෙනුවෙන් දායකත්වය  ලබාදෙන එක කරනවා.

– රනිල් ප්‍රියංක ගමගේ


No comments:

Powered by Blogger.