Header Ads

Breaking News
recent

පොදු දේපල වැනසූ කැළණි තගාලා 25ක ශිෂ්‍යභාවය අහෝසි කෙරේ.. කැළණි සරසවිය දින නියමයක් නැකිව වසා දැමේ !

කැලණිය විශ්වවිද්‍යාල පරිශ්‍රයේ ස්ථාපිත කර තිබූ සීසීටීවී කැමරා ගලවන විනාශ කිරීමේ සිදුවීමට සම්බන්ධ යැයි හඳුනා ගත් සිසුන් 25 දෙනෙකුට වසර දෙකක් සඳහා ශිෂ්‍ය භාවය අහෝසි කර තිබේ.

ඒ අනුව පාලනාධිකාරිය විසින් එකී සිසුනට අදාල කාලය තුළදී විශ්ව විද්‍යාල පරිශ්‍රයට ඇතුළුවීම තහනම් කර ඇත.

එමෙන්ම සීසීටීවී කැමරා පද්ධතිය නැවතත් ස්ථාපිත කිරීමටද තීරණය කර ඇත.

මේ අතර කැලණි විශ්ව විද්‍යාලයේ දළුගම පරිශ්‍රය නැවත දැනුම් දෙනතුරු වසා දැමීමට ද තීරණය කර ඇත.

දැනට සරසවි භූමියේ සිටින සියලු සිසුන් හෙට පෙරවරු 8.00 ට පෙර එයින් ඉවත්වන ලෙස දැනුම් දී තිබේ.


No comments:

Powered by Blogger.