Header Ads

Breaking News
recent

පහුගිය ආණ්ඩුව ගෙනා ලක්ෂ 28,000ක වාහන අපි පාවිච්චි කරනවා. වෙන්දේසි කරන්න කියන්න එපා - ඇමති ජොන්ස්ටන් (video)

පසුගිය වසර පහක කාලය තුළ පැවති යහපාලන සහ එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුවල ඇමතිවරුන්ගේ භාවිතය සඳහා ගෙන්වූ වාහනවල වටිනාකම රුපියල් ලක්ෂ 28,000ක් බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.

ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා යොමු කර තිබුණු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී මේ බව සඳහන් කළේය.

ඒ අනුව, කැබිනට් අමාත්‍යවරුන් සඳහා රුපියල් මිලියන 1650ක්, රාජ්‍ය අමාත්‍යවරුන් සඳහා රුපියල් මිලියන 652.85ක් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් සඳහා රුපියල් මිලියන 564.99ක් වශයෙන් වාහන ගෙන්වීමට මුදල් වැය කර ඇති බවයි අමාත්‍යවරයා අනාවරණය කළේ.

කෙසේවෙතත් මෙය අතිවිශාල මුදලක් බැවින් මෙම වාහන ප්‍රසිද්ධියේ වෙන්දේසි කර දැනට කප්පාදු කර ඇති විශ්‍රාම වැටුප් ගෙවීමට හෝ මහරගම පිළිකා රෝහලට ස්කෑනර් යන්ත්‍රයක් ගෙන්වීමට හැකිද, එසේ නොමැති නම් මේ වාහන වත්මන් රජයේ අමාත්‍යවරුන් අතර බෙදාගන්නේදැයි ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා ප්‍රශ්න කළ අතර එහිදී ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා ප්‍රහාරාත්මක ලෙස පැවසුවේ මේවා මිලදී ගන්නා අවස්ථාවේදී නතර නොකර වෙන්දේසි කරන්නැයි කීම අසාධාරණ බවයි. එසේම ජවිපෙ මන්ත්‍රීවරුන් ද ඇමතිකම් කර ඇති බැවින් ඒ යුගයේදී ඔවුන් ද වාහන භාවිතා කළ බව පැවසු අමාත්‍යවරයා මේවා වෙන්දේසි කිරීමක් කිසිසේත් සිදු නොකෙරෙන බවකි හඟවා සිටියේ.

 

No comments:

Powered by Blogger.