Header Ads

Breaking News
recent

'වෙන වෙනම ඉල්ලලා පස්සේ එකතු වෙමු' – සජිත් රිෂාඩ්ට කියයි

හ මැතිවරණයේදී සන්ධානගත නොවී තනිව තරග කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුයුද්දීන්ට දැනුම් දී ඇත.

එජාපයට හිතැති භික්ෂූන් වහන්සේලාගේ ඉල්ලීම මත විපක්ෂ නායකවරයා මෙම දැනුම්දීම සිදුකර තිබෙන බව පැවසේ. ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුයුද්දීන්ගේ නායකත්වයෙන් යුත් පක්ෂය මෙවර මහ මැතිවරණයේදී තනිව තරග කිරීමට තීරණය කර ඇත.

උතුරු – නැගෙනහිර දිස්ත්‍රික්කවලට සහ කළුතර, කෑගල්ල, කොළඹ, මහනුවර, අනුරාධපුරය යන දිස්ත්‍රික්කවලට අපේක්ෂකයන් ඉදිරිපත් කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුයුද්දීන් තීරණය කර ඇති බව පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.

පසුගිය ජනාධිපතිවරණයේදී රිෂාඩ් බදියුදීන්ගේ සහාය ලැබුණේ සජිත් ප්‍රේමදාසටය.


No comments:

Powered by Blogger.