Header Ads

Breaking News
recent

'මීඩියා ෆැක්ටරි' හොර රහසේම අගමැති මහින්ද රාජපක්ෂගේ ලේලියගේ නමට මිල දී අරගෙන


'මීඩියා ෆැක්ටරි' (Media Factory Pvt. Limited) නමැති දැන්වීම් බෙදාහරින (Media Scheduling) ආයතනයේ කොටස් අගමැති මහින්ද රාජපක්ෂගේ ලේලියගේ නමට පසුගියදා මිල දී ගෙන ඇතැයි ඉතා විශ්වාසවන්ත කටයුතු ආරංචිමාර්ග වලින් වාර්තාවනවා.

එම සමාගමේ සභාපති ලෙස කපිල විදානගමගේ කටයුතු කරන අතර, ප්‍රශාන් සුබ්‍රමනියම් එහි අනෙක් කොටස් හිමිකරුවා වේ. වාර්තාවන පරිදි අගමැති ලේලියගේ නමට මිලදී ගෙන ඇත්තේ ප්‍රශාන් සුබ්‍රමනියම් සතු කොටස් ප්‍රමාණයයි.

ඉතා ඉහල මිලක් ගෙවා එම කොටස් මිලදී ගෙන ඇත්තේ ඉදිරි මහ මැතිවරණයේ ප්‍රචාරක කටයුතු මෙහෙයවීමේ අරමුණින් යුතුව බව පැවසේ.

'මීඩියා ෆැක්ටරි' ආයතනය, යහපාලන ආණ්‌ඩුව විසින් පිහිටුවා තිබු  බරපතල වංචා හා දූෂණ විමර්ෂන කොමිෂන් සභාවේ ද විමර්ශනයට ලක්වූ සමාගමකි.

ඒ, මහින්ද රාජපක්ෂ 2015 ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අවස්ථාවේදී ස්වාධීන රූපවාහිනියේ පලකළ දැන්වීම් සඳහා මුදල් නොගෙවීම සම්බන්ධයෙනි. එම දැන්වීම ලබා දීම සිදු කර තිබුනේ ‘මීඩියා ෆැක්ටරි’ ඒජන්සිය හරහා වීම ඊට හේතුවයි.

මෙකී මුදල අයකර ගැනීමට ස්‌වාධීන රූපවාහිනී සේවය විසින් 'මීඩියා ෆැක්‌ටරි' ආයතනය වෙත 2015 ජනවාරී 27 වන දා ලිපියක්‌ යොමුකර තිබූ අතර, එකී ලිපියේ සඳහන් පරිදි අය විය යුතු මුළු මුදල මීඩියා ෆැක්‌ටරි ආයතනය විසින් ගෙවා තිබු බවටද එකී මුදල් භාරගත් බවට ස්‌වාධීන රූපවාහිනී ආයතනය විසින් අත්සන් කොට පිළිගෙන තිබුණු බවටද වාර්තාවේ සඳහන්.

No comments:

Powered by Blogger.