Header Ads

Breaking News
recent

මාරක රිය අනතුරක්.. බස්රථ දෙකක් ලොරියක් ගැටී දෙදෙනෙක් මිය යයි.. හතලිහක් රෝහලේ - [Photos]

ද (21) උදෑසන නාඋල මහනුවර ප්‍රධාන මාර්ගය මාර්ගයේ නාලන්ද පාසල ආසන්නයේදී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් හා ලොරි රථයක් බස් රථයක පිටුපස ගැසීමෙන් හතළිහකට වැඩි පිරිසක් තුවාල ලබා ඇත.

අනතුරින් එක් දරුවෙකු හා කාන්තාවක මියගොස් ඇති බව නාවුල පොලිසිය පවසයි.


තුවාල ලබුුවන් දඹුල්ල නාලන්ද මාතලේ රොහල් වලට ඇතුලත් කර ඇත.

අනතුරට පත්වු බස් රථ දෙකෙන් එකක් දඹුල්ල සිට සිරිපාද වන්දනාවේ ගමන්ගත් බස්රථයකි.

තුවාල ලැබුවන්ගේ බහුතරය සිරිපාද වන්දනාවේ ගිය පුද්ගලයින් රැගත් බස්රථයේ පිරිසකි.

අනෙක් බස්රථය මහනුවර සිට ⁣මඩකලපුව බලා ධාවනය වු පෞද්ගලික බස්රථය කි.

ලොරි රථය මහනුවර බලා ධාවනය කර ඇත.

බස්රථ දෙකේම රියදුරන් රොහල් ගතකොට ඇති අතර නාවුල පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.

– මහින්ද රත්නායක දඹුල්ල


No comments:

Powered by Blogger.