Header Ads

Breaking News
recent

කඩොලාන ඉඩමට ඇමති සනත් නිශාන්ත ඇස ගසා ඉදලා - හොර ඔප්පුවකුත් හදලා - සියල්ල එළියට

මීගමුව ප්‍රදේශයේ පිහිටි සුවිශේෂී කඩොලාන පරිසර පද්ධතියක් සහිත දූපතක අක්කර දෙකක පමණ භූමියක් විනාශ කර දමා ක්‍රීඩා පිටියක් ඉදිකිරීම සඳහා අවසරය ලබා දෙන ලෙස ධීවර සහ මිරිදිය මත්ස්‍ය කර්මාන්ත රාජ්‍ය ඇමැති සනත් නිශාන්ත පෙරේරා ඇතුළු පිරිසක් ඉල්ලා සිටින ඉඩම සම්බන්ධයෙන් තවත් තොරතුරු රැසක් වාර්තා වනවා.

ඇය සඳහන් කළේ ධනවත් අයෙකු ව්‍යාජ ඔප්පුවක් සකසා අනවසරයෙන් මෙම ඉඩම පසුගිය කාලයේ අල්ලාගෙන සිටි බවයි.

එය නඩු පවරා යළිත් අත්කරගත් බව ද ඇය සඳහන් කළා.

“මීගමුව කලපුවේ හෙක්ටයාර් දෙකක කඩොලාන දූපතක් තිබෙනවා. එය මීට පෙර ධනවත් අයෙකු ව්‍යාජ ඔප්පුවක් සකසා අනවසරයෙන් අල්ලාගෙන හිටියා. පසුව එය ව්‍යාජ ඔප්පුවක් බවට අධිකරණයට කරුණු දක්වා, ඉඩම වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයිති බවට තහවුරු කළා.

දැන් වෙලා තියෙන්නේ පාසල් ළමයින්ට දූපතේ ක්‍රීඩාපිටියක් හදන්න සූදානම් වෙනවා. මෙය භයානක තත්ත්වයක් වගේම අනෙක් පැත්තෙන් කඩොලාන පරිසර පද්ධතිය විනාශ වෙනවා. ධීවර අමාත්‍යාංශයේ ව්‍යාපෘතියකින් මේ කලපුව ගැඹුරු කරන්න අපෙන් අවසරය ඉල්ලුවා.

දූපත්වලට හානි නොකර ගැඹුරු කිරීමට පමණක් අපි අවසරය දුන්නා. ඒ වුණාට ඒ අය කලපුව ගැඹුරු කරලා ඉන් ගොඩ දාන පස් දූපතට දාලා. මේ පස් ඉවත් කරන ලෙස අපි ඔවුන්ට දිගින් දිගටම දැනුම් දුන්නා. ගමේ මිනිස්සු ගහන්න එන නිසා ඒ පස් ඉවත් කරන්න ඒ අයට ආරක්ෂාව දෙන්න කියලා අපෙන් ඉල්ලා සිටිනවා. ඒ පස් ඉවත් කරන්න කියලා ධීවර අමාත්‍යාංශයට විරුද්ධව මීගමුව උසාවියේ නඩුවක් දැම්මා.

පස් යොදාගෙන මෙතැන දැන් පිට්ටනියක් හදලා.අපි ඒකට විරුද්ධව ගමේ අයටත් විරුද්ධව නඩුවක් ගොනුකර තිබෙනවා. මේ පස් ඉවත් නොකළොත් ජලය නොමැතිව කඩොලාන පද්ධතිය විනාශ වී යනවා’’ යැයි ඇය පවසනවා.

No comments:

Powered by Blogger.