Header Ads

Breaking News
recent

හිටපු ජනපති සිරිසේනට නඩු දමයි.. ව්‍යවස්ථාව බරපතල ලෙස කඩලා !

පොලිස්පතිවරයා නීති විරෝධී ව්‍යවස්ථා විරෝධී ආකාරයට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීම සම්බන්ධයෙන් තවත් නොබෝ දිනකින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පවරන බව ශ්‍රී ලංකා පොලිසිය දේශපාලනයෙන් මුදවා ගැනීමේ අන්තර්ජාතික සංවිධානය කියයි.
මෙම සංවිධානය ශ්‍රී ලංකා පොලිසියේ නිත්‍ය සේවාවේ සිට විවිධ දේශපාලන බලපෑම් මත අසාධාරණයට ලක්ව පොලිස් සේවයෙන් ඉවත් වී විදේශ ගතව සිටින පොලිස් නිලධාරීන් විශාල පිරිසකගෙන් සැදුම් ලත් සංවිධානයකි. මහා බ්‍රිතාන්‍ය මූලස්ථානය කර ගත් මෙම සංවිධානය ස්විස්ටර්ලන්තය, ප්‍රංශය, ඔස්ට්‍රේලියාව, ජපානය, ඉතාලිය, ආදී රටවල් රැසකින් ක්‍රියාත්මක වන සංවිධානයකි.

එහි කැඳවුම්කරු හිටපු පොලිස් පරීක්ෂකවරයෙකු වන දැනට මහා බ්‍රිතාන්‍යයේ පදිංචි අජිත් ධර්මපාල මහතා පවසා සිටියේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල මෛත්‍රිපාල සිරිසේන මහතා දහනම වැනි ව්‍යවස්ථා සංශෝධනය උල්ලංඝනය කරමින් නීතිය හා සාමය අමාත්‍ය ධුරය සියතට ගනිමින් පාස්කු දින බෝම්බ ප්‍රහාරයට හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා වග කිව යුතු බව පවසමින් අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීම නීති විරෝධී කටයුත්තක් බවයි.

එය පොලිස් දෙපාර්තමේන්තුවට කරන ලද බලවත් අවමානයක් බව පවසන ඒ මහතා මීට පෙර සැම්බියාව, සුඩානය වැනි රට වල පොලිස්පතිවරුන් ප්‍රශ්න කිරීමට ලක් කරත් ලොව කිසිම රටක පොලිස්පතිවරයෙක් අත්අඩංගුවට ගෙන රැඳවුම් භාරයට පත් කර නොමැති බවද කීය.

ශේන් සෙනෙවිරත්න
– ada


No comments:

Powered by Blogger.