Header Ads

Breaking News
recent

ගුවන් යානා ගණුදෙනුවේ කොමිස් මුදල් එවකට මෙරට ප‍්‍රබලයන් තිදෙනෙකුගේ ගිණුම්වලට බැරවෙලා ?

2013 වසරේ සිදුව ඇති බවට චෝදනා එල්ලවන එයා බස් ගනුදෙනුවේ කොමිස් මුදල එවකට ආණ්ඩුවේ ප්‍රබලයන් තුන්දෙනෙකුගේ ගිණුම්වලට වැටී ඇති බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි. එම පක්‍ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ මහතා සඳහන් කරන්නේ එවකට ගුවන් සේවයේ ප‍්‍රධාන විධායක නිලධාරීන් කපිල චන්ද්‍රසේනගේ ඕස්ට්‍රේලියාවේ ගිණුමේ සිට මෙම මුදල් ශ්‍රී ලංකාවේ ගිණුම් තුනකට බැර වී ඇති බවයි.

අදාල ගිණුම් අයිති පුද්ගලයන් කවුදැයි වහා හෙළි කළ යුතු බවද ඔහු පැවසීය.

අදාල ගනුදෙනුවේදී එයාර්බස් සමාගම විසින් සිංගප්පූරුවේ තිබූ ගිණුමකට මුදල් බැර කර ඇති බවත් එම ගිණුම කපිල චන්ද‍්‍රසේනගේ බිරිදගේ බවත් ඉන් පසුව එම මුදල ඕස්ට්‍රේලියාවේ ඇති කපිල චන්ද්‍රසේන ගිණුමකට බැර වීමෙන් පසු එතනින් ශ්‍රී ලංකාවේ ප්‍රබලයන් තිදෙනෙකුට බැර වී ඇති බවත් ඔහු සඳහන් කළේය.


No comments:

Powered by Blogger.