Header Ads

Breaking News
recent

කාටවත් බැරි වුනා පූර්ණිකාගෙ දෙමවුපියන් කැමති කරගන්න - මම ඒක කරා - කසාද බැඳපු ගැහැණියෙක් බැඳපු එක ගැන පුර්ණිකා බැන්ද පේෂල කියන කතාව

මේ සම්බන්ධයට අවුරුදු හතරක් විතර වෙනවා
මම දන්නෙත් නැහැ. මට ඒවා අදාලත් නැහැ. 
ඒවා ඉතිං මගේ පබ්ලිසිටියට වටිනවා.

හැංගි හැංගි වෙස් බැන්දාට නටන්න වෙන්නේ එළියේ කියලා හොඳ ප්‍රසිද්ධ කියමනක් තියෙනවානේ. පේෂල මනෝජ්ටත් ඒ කතාව වලංගුයි.

අපි එහෙම කිව්වේ පසුගිය දවස්වල ගොඩක් දෙනෙක් කතාබහ වුණේ පේෂල පූර්ණිකාගේ ආදර කතාව ගැන. ඔන්න පේෂල හිමින් සැරේම පූර්ණිකාව විවාහ ගිවිසගෙන.

සද්ද බද්ද නැතිව පේෂල පූර්ණිකාව විවාහ ගිවිස ගැනීම සිදුකළේ ඇයි. ඊට පස්සේ ලැබුණ ප්‍රතිචාරවලට පේෂල ප්‍රතිචාර දැක්වූයේ මෙන්න මේ විදිහට.


පේෂල හංගගෙන හිටපු ආදර කතාව ප්‍රසිද්ධ කරන්න සිද්ධවුණා නේද?


ඔව් ඉතිං කොයිවෙලාවක හරි ඕවා කියන්න එපායැ.



බොහොම සීමිත පිරිසකට කියලනේද ප්‍රසිද්ධ කළේ ?


නැහැ. මේක අම්මලා අපි කතා කරලා හදිස්සියේ ගත්තු විවාහ ගිවිස ගැනීමක් විතරයි. ගෙදර ඥති කිහිපදෙනෙක් විතරයි

සහභාගිවුණේ. පස්සේ යාළුවෝ ටික එකතුකරලා පොඩි පාටි එකක් දෙන්න ඕනෑ.


හදිස්සියේ ඇයි මේ වගේ තීරණයක් ගත්තේ ?


හදිස්සියේ නෙමෙයි. දැන් මේ සම්බන්ධයට අවුරුදු හතරක් විතර වෙනවානේ.


පේෂලගේ අලූත් ජීවිතය සුන්දරයිද?


හොඳයි. වෙනදා විදිහම තමයි. විශේෂයක්් නැහැ. සුපුරුදු විදිහට වැඩටික කරගෙන යනවා.


හැබැයි දැන් වගකීම් වැඩිවුණානේද?


ඔව්. සාමාන්‍යයෙන් ඉතිං මෙහෙමනේ. හැමදාම එකම ලයිෆ් එකේ ඉඳලා වැඩකුත් නැහැනේ. මොනවා හරි වගකීම් ටිකක් තියෙනවා නම් කරගෙන ඉන්න එපායැ.


පූර්ණිකා සහකාරිය විදහට තෝරාගන්න විශේෂ හේතුවක් තියෙනවාද?


විශේෂ හේතු කියන්නේ මෙහෙමයි. මම ගොඩක් වෙලාවට බලාපොරොත්තු වෙන්නේ මානසික නිදහස කියලා. මීට කලින් මම විවාහ ගිවිසගැනීමක් සිදුකරලා තිබුණානේ. අපි මොනදේ කළත් වැඩක් නැහැ අපිටවැඩක් කරගන්න මානසික නිදහස නැතිනම්. මොකද අපි මේ රටේ අපරාධ කරන මිනිස්සු නෙමෙයිනේ. අපිට අපේ ක්‍ෂේත‍්‍රයේ දෙයක් කරන මිනිස්සුනේ. අපි දුක්මහන්සියෙන් හම්බකරලා අපේ දෙයක් කර ගෙන ගමනක් යනකොට විවාහයෙන් පවා සහයෝගයක් ලැබෙන්න ඕනෑ.


පූර්ණිකා විවාහ ගිවිසගත්තාට පසුව මොකද කිව්වේ ?


පූර්ණිකාටත් එහෙම ලොකු විශේෂයක් නැහැ. ගියපාර මම කරපු ෂෝ එකටත් පූර්ණිකා ගෙන් ලොකු සහයෝගයක් ලැබුණා. ඇත්තටම පූර්ණිකා හිටියේ නැතිනම් ෂෝඑකක් කරන්න හම්බවෙන්නෙත් නැහැ.

මිනිස්සුන්ට මුලින් සමහර දේවල් හරියනවා, වරදිනවා. හැමෝටම හැමදේම එකම විදිහට වෙන්නේ නැහැනේ. මගේ නම් බලාපොරෝත්තුව දෙයියනේ කියලා හොඳින් ගමනක් යන්න. පසුගිය දවස්වල මම දැක්කා මුහුණුපොතේ මට ගහලා එක එක දේවල් දාලා තියෙනවා. මම දන්නෙත් නැහැ. මට එ්වා අදාලත් නැහැ. එ්වා ඉතිං මගේ පබ්ලිසිටියට වටිනවා.


මේ දිනවල පේෂලට හරියට මඩ ප්‍රචාර එල්ල වෙනවානේද?


මෙහෙමයි. ඉතිං එහෙම තමයි. මම සන්තෝස වෙනවා. මේ රට ඇතුළේ මම මෙච්චර ප්‍රසිද්ධද කියලා. අනිත් එක ඕවා ගැන එච්චර හිතන්න දෙයක් නැහැ. ගොසිප් ගහලා හම්බකරගන්න මිනිස්සුත් ඉන්නවානේ. තව දෙයක් තමයි සමහර මිනිස්සු අපිව ජීවිතේට දැකලත් නැහැ. සමහරු දාලා තිබුණා රත්නපුරේ මට ගැහැනියෙකුයි ළමයෙකුයි ඉන්නවා කියලත්. මම දන්නෙත් නැති දේවල්.


මේ වගේ දේවල්වලින් පේෂල සැලෙනවාද?


නැහැ. නැහැ. ජොලි. මොකද මගේ නම ගැන කොච්චර කතාවෙනවාද?.


මේ දේවල් දැකලා පූර්ණිකා මොකද කිව්වේ ?


මොනවත් කිව්වේ නැහැ. පූර්ණිකා මගෙන් ඇහැව්වේ මේ දේවල් කරන්න මිනිස්සුන්ට වෙලා තියෙනවාද කියලා. අපි හැමදේකටම කාලය හොයාගන්නවානේ. අනිත් එක තමයි මඩ ගහන්න ඕනෑ. බොරු දේවල් කියලා අපහාස කරන්න ඕනෑ. ගුඞ් ඕ බෑඞ් මම හැම දෙයක්ම පබ්ලිසිටියට පාවිච්චි කරනවානේ.


පේෂල ජනප්‍රිය හින්දා මඩ ප්‍රචාරත් වැඩියි. එහෙමද?


මට දැන් එහෙම හිතුණා. මේ ලෝකේ කසාද බැඳපු ගැහැණියෙක් බැඳපු එකම පිරිමියා මම නෙමෙයිනේ. අනික ලංකාවේ දරුවෙක් ඉන්න ගැහැණියෙක් කසාද බැඳපු එකම කෙනා මමද?.


ජනප්‍රිය කලා පවුලක් නිසාද පූර්ණිකාව තෝරාගත්තේ ?


නැහැ. නැහැ. මට එහෙම ඉමේජස් වැඩක් නැහැ. ගැහැණියකගෙන් වෙන්න ඕනෑ යුතුකම් කොටස පූර්ණිකා ගෙන් සිද්ධවුණහම ඇති. ක්‍ෂේත‍්‍රයේ අපි දෙන්නා එකම ගමනක් යන්න ඕනෑ කියලත් මගේ නීතියක් නැහැ. පූර්ණිකා එක්ක සම්බන්ධවෙනකොටත් මේ රටේ මිනිස්සු මාව දන්නවානේ.


පූර්ණිකාගෙන් පේෂලගේ වැඩවලට සීමාවන් වැටේවිද?


නැහැ. මම පූර්ණිකාව දන්නේ අවුරුදු තුනහමාරක් හතරක් වගේ කාලයක ඉඳන්. මෙච්චර කාලයකට ඒ වගේ දේවල් සිද්ධවුණේ. අනික අපි කොතැනකදීවත් අනවශ්‍ය දේවල් කරන්නේ නැහැ. අපි අපේ ඉවෙන්ට් එකේ විතරයි ඉන්නේ. මේ ක්‍ෂේත‍්‍රයේ හැමෝම මාවත් පූර්ණිකාවත් දන්නවා.


වෙඩින් එක කවදා වගේ ගන්න හිතාගෙනද ඉන්නේ ?


ඇත්තටම කිව්වොත් පොඩි පාටි එක්ක ගන්න ඕනෑ අපේ මාධ්‍ය ක්‍ෂේත‍්‍රයේ ඉන්න හිතවතුන් වගේම කලා ක්‍ෂේත‍්‍රයේ ඉන්න හිතවතුන් එකතු කරගෙන. ඔවුන්ට යමක් කරන්න එපායැ. මේ මාසයේ මැදක් වෙනකොට ඒ දේ කරන්න තමයි හිතාගෙන ඉන්නේ.


මේ ආදර කතාවට ප්‍රශ්න තිබුණේ නැතිද?


සාමාන්‍ය විදිහට එන ප්‍රශ්න තමයි තිබුණේ. ලොකුවට ප්‍රශ්න තිබුණේ නැහැ. මට සමහර අය කිව්වා හොඳට තියෙන පවුල් කඩලා කියලත්. මම එහෙම කරලා නැහැ. අනිත් එක හොඳට තියෙන පවුලක් අපිට කවදාවත් කඩන්න බැහැනේ. අපේ අම්මයි තාත්තාවයි කවදාවත් කාටවත් කඩන්න පුළුවන්වුණාද?. බැහැනේ. පූර්ණිකා ගේ අම්මයි තාත්තයි ඉන්නවා. ඒ පවුල කාටවත් කඩන්න පුළුවන් වුණාද?. බැහැනේ. අපි නොගැලපෙන තැනකට එකතුවෙලා එන්න බැරිනම් අපිට එතැනින් ගැලවෙන්න වෙනවා.


පේෂල මේ තෝරාගත්තේ ඔබට ගැලපෙනම කෙනාද?


මෙහෙමයි. සියයට සියයක් ගැලපෙනම කෙනා නොවන්න පුළුවන්. හැත්තෑවක් ගැලපුණොත් ඉතුරු ටික අපිට ගලපගන්න පුළුවන්නේ කතාබහ කරලා. අපි මිනිස්සුනේ. අපි අනෙක් කෙනා ගැන හිතලා වැඩකරනවා නම් ඒ කෙනාත් අනෙක් කෙනා ගැන හිතලා වැඩ කරනවා.

No comments:

Powered by Blogger.