Header Ads

Breaking News
recent

මුලතිව් සිලාවත්තේ සුළු පිපිරීමක් - දෙදෙනෙක් අත්අඩංගුවට (PHOTOS)

මුලතිව්, සිලාවත්ත ආදර්ශ ගම්මාන ප්‍රදේශයේදී සිදුවු පිපිරීමක් හේතුවෙන් පුද්ගලයෙකු තුවාල ලබා මුලතිව් රෝහලට ඇතුළත් කොට ඇති බව මුලතිව් පොලිසිය පැවසුවා.
ඊයේ (08) සවස මෙම පිපිරීම වාර්තා වුණා.

සැකකරු විසින් මෝටාර් උණ්ඩයක් කපමින් සිටියදී එය පිපිරීම ලක්ව ඇති බවටයි මේ වන විට සැක කෙරෙන්නේ.

පොලිසිය පැවසූවේ යකඩ භාණ්ඩ එක්රැස් කරන ස්ථානයක අදාළ පිපිරීම සිදුව ඇති අතර, අදාළ ව්‍යාපාර ස්ථානයේ අයිතිකරු වු 42 හැවිරිදි පුද්ගලයෙකු පිපිරීමෙන් තුවාල ලබා ඇති බවයි.

සිදුවීම සම්බන්ධයෙන් තුවාලකරුගේ මව වන 61 හැවිරිදි කාන්තාවක් හා 37 හැවිරිදි සහෝදරයෙකුද අත්අඩංගුවට ගෙන ඇති බවද පොලිසිය පැවසුවා.

තුවාලකරු යකඩ භාණ්ඩ එකතු කරන මුවාවෙන් මුලතිව් ප්‍රදේශයේ පවතින පුපුරා නොගිය පුපුරණ ද්‍රව්‍ය එක්රැස් කොට අදාළ පුපුරණ ද්‍රව්‍යවල වෙඩි බෙහෙත් ඇතුළු, අනෙකුත් පුපුරණ බෙහෙත් එක්රැස් කොට ඇති බවද පොලිසිය අනාවරණය කොටගෙන තිබෙනවා.

සැකකරු පුපුරණ ද්‍රව්‍යවලින් වෙන් කරන ලද වෙඩි බෙහෙත් ඇතුළු අනෙකුත් පුපුරණ ද්‍රව්‍ය වෙන් වෙන් වශයෙන් ගබඩා කොට තිබියදී සොයාගෙන ඇති බවද පොලිසිය සඳහන් කළා.

මුලතිව් ආරක්ෂක අංශ පැවසුවේ යුධ සමයේ සැකකරු එල් ටී ටී ඊ සංවිධානයට සම්බන්ධව කටයුතු කොට ඇති බවට තොරතුර අනාවරණය වී ඇති බවයි.

සැකකරු අදාළ පුපුරණ ද්‍රව්‍ය කුමන කටයුත්තක් වෙනුවෙන් යොදාගෙන ඇති බවද යන්න සම්බන්ධයෙන් සොයා පරීක්ෂණ මෙහෙයවන බවද ආරක්ෂක අංශ පවසුවා.

පොලිසිය වැඩිදුරටත් පැවසූවේ සැකකරු යකඩ භාණ්ඩ එක්රැස් කළ ස්ථානයේ තිබි පුපුරණ ද්‍රව්‍ය කිලෝග්රැම් තුනකට ආසන්න ප්‍රමාණයක් සොයාගත් බවයි.







No comments:

Powered by Blogger.