Header Ads

Breaking News
recent

දිනන ලකුණු පොහොට්ටුවයි.. ලොකුම පක්‍ෂය පොදුජන පෙරමුණයි.. ශ‍්‍රීලනිපය අතහැර මුතුහෙට්ටි පොහොට්ටු වන්දනාවේ..

අද මේ රටේ ප්‍රධාන දේශපාලන පක්ෂය එක්සත් ජාතික පක්ෂය හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නොව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බව සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම මහතා පවසයි.

එනිසා දිනන ලකුණු වන්නේද අන් කිසිවක් නොව පොහොට්ටුව බවද ඔහු සඳහන් කරයි.

තමනට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තැනක් නැති වුවහොත් මහින්ද රාජපක්ෂ මහතා ළඟට යන බවද මන්ත්‍රීවරයා පැවසීය.

ඔහු මේ බව කියා සිටියේ ගාල්ලේ දී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

මෙවර මැතිවරණයේදී ගාල්ලට පැරිෂුට්කාරයන් ගෙන ආවහොත් ඊට විරුද්ධව අරගල කරන බවද ඔහු එහිදී සඳහන් කළේය.

No comments:

Powered by Blogger.