Header Ads

Breaking News
recent

රාජපක්‍ෂලා හොරකම් කල මුදලින් රජයේ සියළු සේවකයන්ට මාස 06ක් පඩි ගෙවන්න පුළුවන් - චම්පික රණවක

නාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා විසින් ඉල්ලා සිටි පරිදි රජයේ සේවකයින් තම වැටුප රජයට පරිත්‍යාග කළ යුතු නැති බව හිටපු අමාත්‍ය චම්පික රණවක මහතා සඳහන් කරයි.

මාස හයක කාලයකට සියලු රාජ්‍ය සේවකයන්ට පඩි ගෙවිය හැකි තරමේ මුදලක් රාජපක්ෂලා විසින් හොරකම් කර ඇති බවද ඔහු පැවසීය.
විවිධ ව්‍යාපෘති හරහා මෙම කොමිස් මුදල් රාජපක්ෂලා සහ ඔවුන්ගේ ගෝලබාලයන් විසින් සොරකම් කර ඇතැයි කරුණු සහිතව ඔප්පු වී ඇති බවද ඔහු කියා සිටියේය.

එනිසා එම තහවුරුවූ මුදල්වලින් රජයට අවශ්‍ය මුදල් ලබාගත හැකි බවද ජනාධිපති ලේකම්වරයාට තමන් පවසන බවද ඔහු පැවසීය.

හිටපු මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.


No comments:

Powered by Blogger.