Header Ads

Breaking News
recent

කොරෝනා අරමුදලට දිනක වැටුප කපාගනී !

කොරෝනා අරමුදලට දායක වීම සඳහා සබරගමුව පළාත් සභාව යටතේ පවත්නා සියලු නිලධාරීන්ගේ ජූනි මස වැටුපෙන් දිනක වැටුප අයකර පළාත් සමාජ සේවා අමාත්‍යංශයේ ගිණුමට බැර කරන ලෙස සබරගමුව පළාත් ප්‍රධාන ලේකම් ඩී එම් මාලනී මහත්මිය සියලු ආයතන ප්‍රධානීන් වෙත දන්වා ඇත.
සබරගමුව පළාත් ආණ්ඩුකාරවරයා ඇතුළු පළාත් සභාව කෙරෝනා අරමුදලට දායක වීමට තීරණය කර ඇතැයි ද ඒ අනුව සේවක දිනක වැටුප අයකර ගැනීමේන් පසු පියවා ගැනීමට යටත්ව පළාත් සමාජ සේවා අරමුදලින් රුපියල් මිලියනයක මුදලක් කොරෝනා අරමුදලට ගෙවීමට පියවර ගෙන ඇතැයි ද ප්‍රධාන ලේකම්වරිය ආණ්ඩුකාර ලේකම් ,සභා ලේකම් , පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව , අමාත්‍යාංශ, නියෝජ්‍ය ප්‍රධාන ලේකම්, දෙපාර්තමේන්තු ප්‍රධානීන් හා ආයතන ප්‍රධානින් වෙත දැනුම් දී තිබේ.

ඒ ඒ ආයතන ප්‍රධානීන් විසින් ඔවුන් යටතේ සිටින නිලධාරීන් හා සේවකයින් වෙත මෙම ලිපියේ පිටපත් සහිතව දිනක වැටුප අයකර ගැනීම් සම්බන්ධයෙන් දැනුම්දීමක් කර තිබේ.

– lankadeepa


No comments:

Powered by Blogger.