Header Ads

Breaking News
recent

කොරෝනාවට මුහුණ දීමටත් ආර්ථිකය ගොඩ දැමීමටත් හැක්කේ එජාපයට පමණයි.. ජනතාව එය දන්නවා - අකිල විරාජ්

කොරෝනා වැනි ව්‍යසවන තත්ත්වයකට මුහුණදීමට හැක්කේ එක්සත් ජාතික පක්‍ෂයටත් එහි නායකත්වයටත් පමණක් යැයි පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කළේය.

මේ රටේ හැම දෙනෙකුම එය දන්නා බවද එනිසා ඊලග එජාප ආණ්ඩුවක් යටතේ රටේ ප්‍රශ්න වලට මුහුණ දී ආර්ථික ගොඩ ගන්නා බවත් ඔහු පැවසීය.
එක්සත් ජාතික පක්ෂයට ජාතික ආණ්ඩුවක් හෝ සභාග ආණ්ඩුවක් පිහිටුවීමට කිසිම උවමනාවක් නැති බවද කී ඔහු මැතිවරණයෙන් පසුව එක්සත් ජාතික පක්ෂයට තනි ආණ්ඩුවක් පිහිටුවීමට සූදානම් බවද කියා සිටියේය.

සිරිකොත එජාප මූලස්ථානයේ දී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කරන ලදී.


No comments:

Powered by Blogger.