Header Ads

Breaking News
recent

සමස්ත ආසාදිතයින් ගණන 872ක් දක්වා ඉහළට

මෙරට කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයින් සංඛ්‍යාව 872ක් දක්වා ඉහල ගොස් ඇත.

ඒ අද දිනය තුළ නව ආසාදිතයින් තිදෙනෙකු හඳුනාගැනීමත් සමඟයි.

අද දිනයේ තවත් ආසාදිතයින් 23 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් ක‍ළේය.

ඒ අනුව සුවය ලැබූ සංඛ්‍යාව 366 දෙනෙකු දක්වා ඉහල ගොස් ඇති අතර රෝහල්ගතව තවදුරටත් ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 497 ක් බව සඳහන්.

මේ අතර වෛරසය ආසාදනය වූ නාවික හමුදා සාමාජිකයින් 435 දෙනාගෙන් 52 දෙනෙකු මේ වන විට පූර්ණ සුවය ලබා ඇති බව නාවික හමුදා මාධ්‍ය ඒකකය සඳහන් කළේය.

මේ අතර කොවිඩ් නයින්ටීන් වෛරස අවදානම තවදුරටත් පවතින බව අවබෝධ කර ගනිමින් ජනතාව සමාජයේ හැසිරිය යුතු බව වෛද්‍ය පර්යේෂණ ආයතනය පවසයි.

එසේ නොවුණහොත් වෛරසයේ දෙවන, තුන්වන ව්‍යාප්තියක්ඇති විය හැකි බවයි එහි අධ්‍යක්ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා පැවසුවේ.


No comments:

Powered by Blogger.