Header Ads

Breaking News
recent

sajith premadasa's office

සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගය පක්‍ෂයේ ඇතුල්කෝට්ටේ පිහිටි ප්‍රධාන කාර්යාලය මාසයකට වැඩි කාලයක් තිස්සේ ඉබි යතුරු දමා වසා දමා ඇති බව දේශප්‍රේමී එක්සත් ජාතික පක්ෂයේ සභාපති සුජිත් හේවාපතිරණ මහතා සඳහන් කරයි.


ඊට හේතු වී ඇත්තේ එම ගොඩනැගිල්ලේ භූමි දෝෂයක් ඇතැයි ජ්‍යෙතිර්වේදියෙකු පවසා තිබීම නිසා එය ඉවත් කරන තුරු මෙහි දේශපාලන කටයුතු නවතා දමන ලෙස දැනුම්දී තිබීම බව ද ඔහු පැවසීය. ේ

ඒ මහතා මේ බව කියා සිටියේ සජිත් ප්‍රේමදාස මහතාට එරෙහිව රාජ්‍ය දේපළ අවභාවිතා කිරීම සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට පැමිණි අවස්ථාවේදීය.

පාර්ලිමේන්තුව විසුරුවා හැර ඇති අවස්ථාවක සජිත් ප්‍රේමදාස මහතා විපක්ෂ නායක කාර්යාලය තම පක්ෂයේ දේශපාලන කටයුතු සඳහා භාවිතා කරන බැවින් එය රාජ්‍ය දේපල අවභාවිතාවක් සේ සලකා කටයුතු කළ යුතු බවයි.


No comments:

Powered by Blogger.