Header Ads

Breaking News
recent

මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 1148 දක්වා ඉහළට

වත් කොවිඩ් නයින්ටීන් රෝගීන් 7 දෙනෙකු හඳුනාගෙන තිබේ.

කුවෙට්හි සිට පැමිණ මින්නේරිය නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනයට ලක්වෙමින් සිටි පිරිසක් නව ආසාදිතයින් ලෙස වාර්තා වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේය.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින්ගේ ගණන 1148 දක්වා ඉහළ ගොස් ඇත.

මේ අතර තවත් කොවිඩ් නයින්ටීන් රෝගීන් 21 දෙනෙකු සුවය ලබා තිබේ.

නාවික රෝහල, අයි.ඩී.එච්, මුල්ලේරියාව, හෝමාගම සහ ඉරණවිල රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටි පිරිසක් සුවය ලබා නිවෙස් වෙත පිටව ගිය බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.

ඒ අනුව මෙරටින් වාර්තා වන කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 1148 දෙනාගෙන් 695 දෙනෙකු පූර්ණ සුවය ලබා ඇති බව සඳහන් වේ.

තවත් ආසාදිතයින් 444 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා අංශය පැවසුවේය.


No comments:

Powered by Blogger.