Header Ads

Breaking News
recent

හිමිනමක්, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් දෙදෙනෙක් ඇතුළු තවත් 28ක් වස්ගමුව වනෝද්‍යානයේ දි අත්අඩංගුව



වස්ගමුව ජාතික වනෝද්‍යානයේ බලපත්‍ර නොමැතිව රැදී සිටි පොලොන්නරැව ප්‍රදේශයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් දෙදෙනෙක්, හිමිනමක් ඇතුළු 28 දෙනෙක් ඊයේ (08) අත්අඩංගුවට ගත් බව වස්ගමුව ජාතික වනෝද්‍යාන නිලධාරීන් සඳහන් කර සිටිනවා. වස්ගමුව ජාතික වනෝද්‍යානයේ නගානාගල ප්‍රදේශයේදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත.

වෙසක් පොහෝ දින වස්ගමුව ජාතික වනෝද්‍යානයට බලපත්‍ර නොමැතිව ඇතුල්වීම හා රැදී සිටිමේ චෝදනා යටතේ මෙම සැකකරැවන්ට එරෙහිව පොලොන්නරැව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පවරන බව වස්ගමුව ජාතික වනෝද්‍යානය බාර නිලධාරිවරයා සඳහන් කර සිටියි.

අත්අඩංගුවට ගත් පිරිස සමග ඔවුන් සන්තකයේ තිබු පිහි කිහිපයක් හා ආහාර ද්‍රව්‍ය රැසක් ද සොයා ගෙන ඇති අතර, මොවුන් කුමණ අරමුනක් සදහා වනෝදයානයට ඇතුළුවූවාද යන්න සම්බන්ධයෙන් වස්ගමුව ජාතික වනෝද්‍යාන නිලධාරීන් පරික්ෂණ සිදුකරයි.

No comments:

Powered by Blogger.