මාලිගාවත්ත, ජුම්මා මාවතේ තෙරපීමකින් කාන්තාවන් 3ක් මිය යයි 09ක් රෝහලට
මාලිගාවත්ත, ජුම්මා මාවතේ පිහිටි නිවසක ඇති වු තෙරපීමකින් කාන්තාවන් තිදෙනෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
අදාළ නිවස ඉදිරිපිට පුද්ගලයෙකු සිදුකළ මුදල් ආධාර බෙදාදීමක් අතරතුර ඇති වූ තෙරපීමකින් මෙම අනතුර සිදුවුණි.
අනතුරින් කාන්තාවන් තිදෙනෙකු මියගිය අතර තුවාල ලැබු තවත් 09දෙනෙකු ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයට ඇතුළත් කර තිබේ.

No comments: