Header Ads

Breaking News
recent

ශ‍්‍රී ලන්කන් මෙමස වැටුප් නොගෙවයි.. මුදල් නැති බව දන්වයි.. 400ක් නිවාඩු යවයි

ඇති වී තිබෙන මුල්‍ය අර්බුදය හේතුවෙන් නියමිත දිනට වැටුප් ලබා දිය නොහැකි බව ශ්‍රී ලංකන් ගුවන් සේවය එහි කාර්ය මණ්ඩල සාමාජිකයන්ට ද දැනුම් දී තිබේ.

ඊයේ දිනයේ දී එම කාර්ය මණ්ඩලයට වැටුප් ලැබිය යුතු වුවද පාලනාධිකාරිය විසින් මෙම දැනුම් දීම සිදු කර ඇත.


සමාගමේ කොන්ත්‍රාත් පදනම සේවයේ සිටි සේවකයන් හාරසියක පමණ පිරිසක් ද වැටුප් රහිතව නිවාඩු යැවීමට මේ වන විටත් කටයුතු කර ඇත.

කොරෝනා වෛරස අර්බුදය හේතුවෙන් ලොව පුරා සියලු ගුවන් සේවාවන් ගුවන් ගමන් නවතා දමා ඇති අතර ඒවායේ සියලු ආදායම් බිඳ වැටී තිබේ.

No comments:

Powered by Blogger.