Header Ads

Breaking News
recent

ජූනි මාසයේ 5000 නොදෙන්නැයි මා පවසා නෑ – මෙය කරුණු විකෘති කිරීමක් - මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය

කොරෝනා අවදානම හමුවේ දෛනික ආදායම් අහිමි වූ පවුල් වෙත ජූනි මාසයේදී රුපියල් 5000 සේ දිමනාව ලබා නොදීමට තීරණය කර ඇති බව රජය පවසනවා. මැතිවරණ සමය තුළ ජුනි මාසයට එම දීමනා ලබාදීම දේශපාලන ව්‍යාපෘතියක් බවට පත්විය හැකි බවට මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දී ඇති බැවින් එම දීමනා ලබාදීමේ හැකියාවක් නොමැති බවයි අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පෙන්වා දී තිබෙන්නේ.

රුපියල් 5000 දීමනාව ජූනි මාසයේ ගෙවීම දේශාපාලන ව්‍යාපෘතියක් බවට පත්විය හැකි බැවින් එය ජූනි මාසයේ ගෙවීම ගැන නැවත සලකා බලන ලෙස මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ජනාධිපති ලේකම් ආචාර්ය පී. බි. ජයසුන්දර මහතා වෙත පසුගිය 17 දා ලිඛිතව දැනුම් දී තිබෙනවා.

කෙසේ වෙතත් මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසන්නේ ජූනි මාසය සඳහා රුපියල් 5000 දීමනාව ලබා නොදෙන්නැයි තමන් කිසිවිටෙක ප්‍රකාශ කර නොමැති බවයි. 5000 දීමනාව ලබාදීම සම්බන්ධයෙන් තමන් යම් දැනුම්වත් කිරීමක් සිදුකළද එම දීමනාව ලබා නොදෙන්නැයි කිසි තැනක පවසා නොමැති බව දේශප්‍රිය මහතා පැවැසුවා. තමන්ගේ ලිපිය ඔස්සේ සමාජයට වැරදි පණිවුඩයක් ලබාදීම සම්බන්ධයෙන් කණගාටුවන බවද ඔහු කිාය සිටියා.

මෙම දීමනා ලබාදීම මගින් දේශපාලන ක්‍රියාවලියක් දියත්වීම පිළිබඳ මැතිවරණ කොමිෂමේ අවදානය යොමු වී ඇතැයිද එලෙස දේශපාලනීකරණය නොවී එම දීමනාව ලබාදීම සඳහා අවස්ථාවන් ගණනාවක් පවතින බවද මහින්ද දේශප්‍රිය මහතා අවධාරණය කළා. එබැවින් තමන්ගේ ලිපිය වැරදි ලෙස උලුප්පා දක්වමින් අහිංසක ජනතාවට හිමිවිය යුතු එවැනි දීමනාවක් වලක්වන්නේ නම් එය කණගාටුවට කාරණයක් බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

No comments:

Powered by Blogger.