Header Ads

Breaking News
recent

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 835 ක් දක්වා ඉහළට

යේ(08) රාත්‍රී 11.45 වන විට තවත් කොරෝනා ආසාදිතයින් 11 දෙනෙක් වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ  අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 835 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ඊයේ උදෑසන 10 වන විට තවත් කොරෝනා ආසාදිතයින් 8 දෙනෙක් සුවය ලැබු අතර ඒ අනුව සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 240 ක් දක්වා ඉහළ ගොස් ඇත.

අයි.ඩී.එච්, ඉරණවිල සහ වැලිසර නාවික හමුදා රෝහලේ  ප්‍රතිකාර ලබමින් සිටි ආසාදිතයින් පිරිසක් මෙලෙස සුවය ලබා පිටව ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.

හඳුනාගත් කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයින් අතර මේ වන විට නාවික හමුදා සාමාජිකයින් හා අශ්‍රිතයින් 400ක් සිටින බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

ඒ අනුව මේ වන විට දිවයින් පුරා රෝහල්වල පුද්ගලයින් 586 ක් වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටියි.

මෙරට කොරෝනා ආසාදිත මරණ 9 ක් වාර්තා වී තිබේ.


No comments:

Powered by Blogger.