Header Ads

Breaking News
recent

පාසල් යලි ඇරඹීම ගැන ඇමති කියයි

දැනට වසා දමා තිබෙන පාසල් නැවත විවෘත කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරීන් සමග බන අඟහරුවාදා දින සාකච්ඡාවක් පවත්වන බව අධ්‍යාපන ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කරයි.

පාසැල් නැවත විවෘත කරනු ලබන්නේ කොරෝනා අවදානම සම්පූර්ණයෙන්ම පහව ගිය පසු බවද ඔහු පැවසීය.

ඒ හේතුවෙන් කිසිදු දෙමව්පියතු ඒ ගැන බියක් ඇති කර ගත යුතු නැතැයි ද ඔහු සදහන් කලේය.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ මාත් මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවති හමුවක් අමතමිනි.


No comments:

Powered by Blogger.