Header Ads

Breaking News
recent

තවත් නාවිකයින් දෙදෙනෙකුට කොරෝනා - සමස්ත ආසාදිතයින් ගණන 1059 ක්

ද (22) රාත්‍රී 7 වන විට තවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙක් වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 1059 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
එම ආසාදිතයින් දෙදෙනා මුලතිව් නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි නාවිකයින් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

කෙසේවෙතත් ගෙවුණු දින 22 ක කාලය තුළ බාහිර සමාජයෙන් කිසිදු ආසාදිතයෙකු වාර්තා නොවීම විශේෂත්වයක්.

ඊයේ හඳුනාගත් ආසාදිතයන් 27 දෙනා අතුරින් 11 දෙනෙකු නාවික හමුදා සාමාජිකයින්.

තවත් 15 දෙනෙකු ඩුබායි සිට මෙරටට පැමිණ පිළිමතලාව ගිරාගම නිරෝධායන මධ්‍යස්ථානයට යොමු කර සිටි පිරිසක්.

ඊයේ හඳුනාගත් අනෙක් ආසාදිතයා කුවේට්හි සිට මෙරටට පැමිණ අයෙක්.

මේ අතර තවත් ආසාදිතයන් 16 දෙනකු සම්පූර්ණ සුවය ලබා අද රෝහල්වලින් පිටව ගියේය.

ඒ සමග සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 620 දක්වා ඉහළ ගියේය.

මේ වන විට පුද්ගලයින් 430 ක් වෛද්‍ය අධීක්ෂණය යටතේ විවිධ රෝහල්වල ප්‍රතිකාර  ලබමින් සිටියි.


No comments:

Powered by Blogger.