Header Ads

Breaking News
recent

මල්ෂා හොයාගෙන පොලිසිය මගේ ගෙදරට ආවා - හරීන් ප්‍රනාන්දු

කොළඹ අපරාධ කොට්ඨාශය විසින් හිටපු පළාත් සභා මන්ත්‍රීනි මල්ෂා කුමාරතුංග සොයාගෙන තම නිවසට පැමිණි බව ජාතික සමගි ජන බලවේගය අපේක්‍ෂක හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.

පොලිසිය තම නිල ඇඳුමේ ගෞරවය කරන දේශපාලනඥයන්ට කටයුතු කර කරන්නට යාම නිසා අනවශ්‍ය ප්‍රශ්නයක් එහිදී ඇති වූ බවද ඔහු පැවසීය.
රටේ විශාල ප්‍රශ්න තිබේ දී මෙවන් තේරුමක් නැති දේවල් ගැන අවධානය යොමු නොකළ යුතු බවද ඔහු සඳහන් කළේය.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා විසින් කරන ලද පැමිණිල්ලක් මත අසභ්‍ය වීඩියෝවක් සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරන අතර කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ මල්ෂා කුමාරතුංග මහත්මිය රැඳී සිටි නිවෙස වෙත ගොස් ඇත්තේ ඒ අනුවයි.

පසුව එහි සිටි හරීන් ප්‍රනාන්දු මහතා විසින් පොලීසියට බාධා කිරීම හේතුවෙන් පසුව මල්ෂා කුමාරතුංග මහත්මිය පොලිසිය වෙත කැඳවා ප්‍රකාශයක් සටහන් කරගෙන ඇත.

ඇගේ ජංගම දුරකථනය කරන රස පරීක්ෂකවරයා වෙත යවා තිබේ.


No comments:

Powered by Blogger.