Header Ads

Breaking News
recent

සුනඛයින් ඉවත් කලාට රෝසිට විරෝධයක් - චෝදනා අසත්‍ය බව නගර සභාව කියයි

කොළඹ විහාරමහා දේවි උද්‍යානයේ සිටි සුනඛයින් එම ස්ථානයෙන් ඉවත් කිරීමට කොළඹ මහනගර සභාවේ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය කටයුතු කර තිබේ. ඊට විරෝධය පාමින් සත්ත්ව සංවිධාන කිහිපයක් එක්ව ඊයේ (31) නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මියගේ නිල නිවස ඉදිරිපිට නිහඩ විරෝධතාවයක නියැලී ඇත.

චෝදනා අසත්‍යයි

ඇඳිරි නීතිය පැනවූ කාලය තුළ ආහාර නොලැබීම නිසා බොහෝ අයාලේ ගිය සුනඛයන් විහාර මහා දේවි උද්‍යානය වටා එක්රැස් වෙමින් සිටි අතර ඔවුන් පෝෂණය කරනු ලැබුවේ කොළඹ මහ නගර සභාව සහ අනෙකුත් සමාජ මනසක් ඇති අය විසින් බවද සත්ත්ව සංවිධාන විසින් සිදුකළ එම චෝදනා අසත්‍ය බවද කොළඹ නගරාධිපති කාර්යාලය පවසයි.

එම කාල වකවානුවේ ආහාර හිඟකම හේතුවෙන් උද්‍යානයේ සුනඛයින් විශාල ප්‍රමාණයක් මීට පෙර සිට එම ප්‍රදේශය පුරා වාසය කර ඇති අතර එම සමහරක් සුනඛයින් ඇවිදින්නන්, පාපැදි කරුවන් සහ ළමුන් පසුපස හඹා ගොස් ඇති බවට උද්‍යාන පරිපාලනයට පැමිණිලි ලැබී ඇති බවද වාර්තා වේ.

මේ හේතුවෙන් පශු වෛද්‍ය දෙපාර්තමේන්තුව උද්‍යානයේ වාසය කරන වඩාත් ආක්‍රමණශීලී සුනඛයින් හඳුනාගෙන වඩාත් ස්ථිර විසඳුමක් සොයා ගන්නා තෙක් තාවකාලිකව වෙනත් ස්ථානයකට ගෙන යාමට පියවර ගෙන තිබේ.

-srilankamirror


No comments:

Powered by Blogger.