Header Ads

Breaking News
recent

පාසැල් අරඹන්න ක‍්‍රමවේද සකසන්නැයි සියළු පාසැල්වලට දැනුම් දේ !

මාස දෙකකට වැඩි කාලයක් තිස්සේ වසා දමා ඇති පාසැල් නැවත ආරම්භ කිරීමෙන් අනුගමනය කළ යුතු ක්‍රමවේදයන් සකස් කරන ලෙස අධ්‍යාපන අමාත්‍යංශය විසින් උපදෙස් දී ඇත.

පලාත් හා කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් වෙත ඊට අදාල උපදෙස් චක්‍රලේඛයක් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් නිකුත් කර තිබේ.


පාසල් වල සිටින ශිෂ්‍ය සංඛ්‍යාව, සෞඛ්‍ය තත්ත්වය සහ සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් අනුව මෙම ක‍්‍රමවේදය සකස් කළ යුතුය.

උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ සිසුන්ට ප්‍රමුඛතාවය ලබා දෙමින් නැවත පාසල් ආරම්භ කළ යුතු බව ‍අමාත්‍යාංශය සඳහන් කර ඇත.

කෙසේ නමුත් නැවත පාසල් ආරම්භ කරන දිනය නිශ්චිතව ප්‍රකාශ කිරීමෙන් පසු පමණක් එකී ක්‍රමවේදයන්ට අනුව පාසල් පවත්වාගෙන යා යුතු බවද අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා සඳහන් කරයි.

No comments:

Powered by Blogger.