Header Ads

Breaking News
recent

මෙහෙම කලොත් ජනාධිපති ලෝකය ඉදිරියේ අවතක්සේරු වෙනවා - කිරිඇල්ල

ජුනි මස 02 වැනිදායින් පසු පාර්ලිමේන්තුව රැස් නොකර සිටියහොත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

පාර්ලිමේන්තුව විසුරුවා හැර ජූනි මස 02 වැනිදාට මාස 03ක් සම්පූර්ණ වන නිසා තව දුරටත් පාර්ලිමේන්තුව නොකැදවා සිටීමට හැකියාවක් නැති බවද ඔහු සඳහන් කළේය.
එසේ කරන්නේ නම් එය ප්‍රජාතන්ත්‍ර විරෝධී බවත් ජාත්‍යන්තරය ඉදිරියේ ජනාධිපතිත් රටත් අවතක්සේරුවට පත් වන බවත් පැවසීය.

මෙරටට ලැබෙන විදේශ ආධාර ඇතුළු වරප්‍රසාද එවිට අහිමි ඇති බවත් ඔහු තව දුරටත් කියා සිටියේය.


No comments:

Powered by Blogger.