Header Ads

Breaking News
recent

කොරෝනා දෙවැනි රැල්ලක් රට තුල දැනටමත් ක‍්‍රියාත්මකයි..

මේ වන තෙක් සමාජයට පැතිරී නොගියද මෙරට තුල දෙවැනි කොරෝනා රැල්ලක් දැනටමත් ක්‍රියාත්මකව පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
එහි සහකාර ලේකම් නවීන් ද සොයිසා මහතා පෙන්වා දෙන්නේ නාවික හමුදා පොකුර හා විදේශගත ලාංකිකයන් මෙරටට ගෙන්වීම ඉතා ප්‍රවේශමෙන් කළමනාකරණය කල යුතු බවයි.

මේ වන විට රට තුළ ප්‍රතිකාර ලබන රෝගීන් ඉහළ යමින් තිබෙන බවත් එය දෙවැනි රැළ්ලකි යැයි හැඳින්විය හැකි බවත් ඔහු සඳහන් කළේය.

දැනට සමාජයට විසිරුනේ නැති වුවද එය සමාජයට නොයා පවතී යැයි අදහස් නොවන බවද ඔහු පැවසීය.

නාවික හමුදා පොකුරත් දවස් 28ක් ගත වුවද අවසන් නොවීම ගැටලුකාරී තත්ත්වයක් බවත් මේ තත්ත්වය මත කොරෝනා පරීක්ෂණ දිනපතා 2500 ක් වත් සිදුකළ යුතු බවත් තමා සංගමය අදහස් කරන බව ඔහු තවදුරටත් කියා සිටියේය.

No comments:

Powered by Blogger.