Header Ads

Breaking News
recent

තොණ්ඩමන්ගේ අවමංගල උත්සවය අසලට යන්න නිරෝධායන වන දියණියට අවස්ථාව..

අභාවප්‍රාප්ත ආරුමුගම් තොණ්ඩමන් අමාත්‍යවරයාගේ දියණියට ඔහුගේ අවමංගල උත්සවයට සහභාගි වීම සඳහා සෞඛ්‍ය අංශ විසින් නිර්දේශ ලබා දී ඇති බව වාර්තා වේ.
ඒ අනුව අද අවමංගල උත්සවය පැවැත්වෙන අවස්ථාව ආසන්නයට විශේෂ ගිලන් රථයක සිට ඇයට සහභාගිවීමට නිර්දේශ ලබා දී ඇති බව සදහන්ය.

එම අවස්ථාවට ඇය සහභාගි වී යුත්තේ පිටස්තර ජනතාවගෙන් ඈත් කර නිරෝධායන රෙගුලාසි සහ සෞඛ්‍ය අංශය විසින් ලබා දුන් උපදෙස් අනුව බවද පැවසේ.

තම පියා අභාවප්‍රාප්ත වන විට ඇය ඕමානයේ සිට ඇති අතර මෙරටට පැමිණි වහාම ඇය නිරෝධායන මධ්‍යස්ථානයකට යොමුකර තිබේ.

දින දාහතරක් නිරෝධායනය විය යුතු වුවත් ඇය විසින් කරන ලද දැඩි ඉල්ලීම මත මෙම මේ ආකාරයෙන් සෞඛ්‍ය නිර්දේශ මත අවසරය හිමි වී ඇති බවද සඳහන් වේ.

No comments:

Powered by Blogger.