Header Ads

Breaking News
recent

ඇදරි නිතිය නොතකා තොණ්ඩමන්ගේ අවමගුලට මහ පිරිස් එති..

අභවප්‍රාප්ත ලංකා කම්කරු කොන්ග්‍රසයේ නායක හිටපු අමාත්‍යය ආරුමුගන් තොණ්ඩමන් මහතාගේ අවසන් කටයුතු රාජ්‍යය අනුග්‍රහය සහ රාජ්‍යය ගෞරව සහිතව (31) දින පස්වරුවේ නොර්වුඩ් තොණ්ඩමන් ක්‍රිඩාංගණයේදි සිදු කිරිමට නියමිතය.

තොණ්ඩමන් මහතාගේ දේහය (30) දින පස්වරුවේ සිට (31) දින පස්වරු 1 දක්වා කොටගල ලංකා කම්කරු කොන්ග්‍රස් මුලස්ථානයේ තොණ්ඩමන් පදනම් කාර්යයාලයේ මහජන ගෞරවය සදහා තැන්පත් කර ඇත.

දේහයට අවසන් ගෞරව දැක්විමට (31) දින අලුයම වතු කම්කරුවන් විශාල පිරිසක් බගවන්තලාව , මස්කෙලිය , හැටන් දික්ඔය යන ප්‍රදේශවල සිට පාගමින් පැමිණ ගෞරව දක්ව ආකාරයක් අප කැමරාවේ සටහන් විය.

තොණ්ඩමන් මහතාගේ අවසන් කටයුතු සිදු කරන (31) දිනයේ කොටගල , හැටන් , නොර්වුඩ් යන ප්‍රදේශවලට යුධ හමුදාව , පොලිසිය , පොලිස් විශේෂ කාර්යය බලකාය එකාබද්ධව දැඩි ආරක්ෂිත වැඩපිලිවෙලක් දියත් කර ඇති අතර ඇදිරි නිති බලපත්‍ර නොමැතිව මාර්ගයේ ගමන් ගන්නා පිරිස් ආපසු හරවා යැවිමටද ආරක්ෂක අංශ පියවර ගෙන ඇත.

අභවප්‍රාප්ත ආරුමුගන් තොණ්ඩමන් මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්විමට පැමිණෙන පිරිස් සෞඛ්‍යය ආරක්ෂිත ක්‍රමවේද යටතේ සහ සෞඛ්‍යය අමාත්‍යංශය විසින් නිකුත් කර ඇති නිර්නායක වලට යටත් දේහයට අවසන් ගෞරව දැක්විමට ආරක්ෂක අංශ පියවර ගෙන ඇත.

තොණ්ඩමන් මහතාගේ පවුලේ සමාජිකයන් , හිතවතුන් , දේශපාලඥයින් සහ අධාරකරුවන් 200 දෙනෙකු පමණක් සහභාගි කර ගනිමින් හිටපු අමාත්‍යය තොණ්ඩමන් මහතාගේ අවසන් කටයුතු සිදු කිරිමට අවමංගල්‍යය කමිටුව තිරණය කර ඇත.

– හැටන් රංජිත් රාජපක්ෂ

No comments:

Powered by Blogger.