Header Ads

Breaking News
recent

තොණ්ඩමන්ගේ අවමගුලේ සංවිධායක වෛද්‍ය අනිල් ජාසිංහට තර්ජනය කරලා..

අභාවප‍්‍රාප්ත හිටපු අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ අවමඟුල් කටුයුතුවලට සහභාගි වූ කිසිවෙකුට හෝ කොවිඞ් 19 ආසාදනය වී නව රෝගීන් පොකුරක් මතුවුවහොත් නිරෝධායන පනතේ රෙගුලාසිවලට පටහැනිව යමින් කටයුතු කිරීම පිළිබදව ජාතික හා ජාත්‍යන්තර වශයෙන් නඩු පවරන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා අනතුරු අඟවයි.

එම අවමඟුලේ කටයුතු සංවිධානය කරමින් සිටි එක් පුද්ගලයෙක් නිරෝදායන පනතේ නිසි බලධාරියා වන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට පවා දුරකතනයෙන් තර්ජනය කළේ යැයි තම සංගමය වෙත වාර්තා වී ඇතැයි ද හෙතෙම කියයි.

මියගිය අයෙකුගේ මෘත ශරීරය විකුණාගෙන කමින් දේශපාලන බලය ලබාගැනීම සදහා ඡන්ද සිඟමනේ යෙකෙනවාට අමතරව නීති ගරුක රාජ්‍ය නිලධාරින්ගේ රාජකාරිය බාධා කිරීමට තරම් සමහර පුද්ගලයින්ට බලය ලබාදී ඇත්තේ කවුරුන් දැයි සොයා බලා නිසි පියවර ගන්නැයි ජනාධිපතිවරයා ගෙන් ඉල්ලා සිටින බව ද හෙතෙම කියයි.

මෙම පිරිස සියලූ නිරෝධායන නීති හා සෞඛ්‍ය උපදෙස් අමු අමුවේ උල්ලංඝණය කළ බව රටම දන්නා බවත් තවමත් රට අනතුරක පවතින අවස්ථාවක මෙවැනි විසූක දස්සන වලට එරෙහිව සමස්ත රට පුරා පක්ෂ විපක්ෂ සියලූ කණ්ඩායම් වෘත්තිකයන් සහ සියලූ ජන කොටස් පෙළ ගැසිය යුතු යැයි ද ඔහු සදහන් කරයි.

ආරම්භයේ සිටම කොවිඞ් 19 ව්‍යාප්තියට එරෙහිව දිවා රෑ නොබලා කටයුතු කළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින් මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්, ඇතුළු ⁣ක්‍ෂත‍්‍ර නිලධාරින් සෞඛ්‍ය කාර්ය මණ්ඩල, රෝහල් කාර්ය මණ්ඩල තවත් හෙම්බත් කරවන මෙවැනි අනවශ්‍ය කටයුතු රටට වැරදි පූර්වාදර්ශ සපයා ඇතැයි ද ඔහු ගේ අස්සනින් යුතුව නිකුත් කරන ලද නිවේදනයක සදහන් වේ.

සෞඛ්‍ය කාර්ය මණ්ඩල, අනෙක් රාජ්‍ය අංශ මෙන්ම මහජනතාවද පසුගිය කාලය පුරා සිදුකල කැපකිරීම් තුට්ටුවකට මායිම් නොකරන මෙම අසික්තිත දේශපාලන ව්‍යාපෘතිය මියගිය තොණ්ඩමන් මහතාට කරන විශාල අගෞරවයක් බවත් මේ වැරදි ආදර්ශ නිසා සමස්ත ජනතාවගේ කැප කිරීම අඩුවී ඇතැයි පර්යේෂකයින් පෙන්වා දෙන බවත් ඔහු තම නිවේදනයේ සදහන් කරයි.

– lankadeepa

No comments:

Powered by Blogger.