Header Ads

Breaking News
recent

කොරොනාවෙන් මිය යන මුස්ලිම් ජාතිකයන් පුච්චන්න එපා - එජාප අපේක්‍ෂකයෙකු අතුරු තහනමක් ඉල්ලා නඩු දමයි

කොරෝනා වෛරස ආසාදනයෙන් මිය යන මුස්ලිම් ජාතිකයන්ගේ මළසිරුරු ආදාහනය කිරීමට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇත.

එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු අපේක්ෂකයෙකු වන ඔෂල හේරත් මහතා විසින් මෙම නඩුව ගොනුකර ඇත.

එහි වගඋත්තරකරුවන් ලෙස සෞඛ්‍ය ඇමතිනිය, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් සහ නීතිපතිවරයා නම් කර තිබේ.

මෙරට සිදුවන කොරෝනා මරණ ආදාහනය කළ යුතු බවට ගැසට් නිවේදනයක් නිකුත් කිරීම මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වන්නේ යැයි පෙත්සමෙන් කියා සිටී.

එනිසා එම ගැසට් නිවේදනය ක්‍රියාත්මකවීම වහා අත්හිටුවන්නැයි අතුරු තහනම් නියෝග නිකුත් කරන්නැයි ද පෙත්සම්කරු ඉල්ලයි.


No comments:

Powered by Blogger.