Header Ads

Breaking News
recent

මැතිවරණය තියන්න නම් මූඛ ආවරණ, අත් ආවරණ, මීටරයේ දුර අවශ්‍ය නැති බවට ජාසිංහගෙන් සහතිකයක් ඕනෑ..

මැතිවරණයක් පවත්වන්න නම් කොරෝනා වසංගතය මේ රටෙන් සම්පූර්ණයෙන්ම තුරන් වී ඇති බවට සෞඛ්‍ය බලධාරීන් විසින් සහතිකයක් ලබා දිය යුතු බව සමගි ජනබලවේගය අපේක්ෂක මුජිබර් රහුමාන් මහතා සඳහන් කරයි.

එනම් මුඛ අාවරණ හා අත් ආවරණ පැළඳීමේ අවශ්‍යතාවයක් නැති වීම, මීටරයේ දුර පවත්වා ගැනීමට අවශ්‍යතාවයක් නැති බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් අනිල් ජාසිංහ මහතා ජනතාව ඉදිරියේ ප‍්‍රකාශ කල යුතු යයිද ඔහු පවසයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගෙන් බලහත්කාරයෙන් ප්‍රකාශයක් ගැනීමට රජය සැලසුම් කර ඇත්දැයි සැක සහිත බව ඔහු සඳහන් කළේය.

කොළඹදී පැවති මාධ්‍ය හමුවක දී ඔහු මෙම අදහස් පල කරන ලදී.

No comments:

Powered by Blogger.