Header Ads

Breaking News
recent

ඕනෑම දිනයක මැතිවණය පවත්වන්න නිර්දේශ දීමට අපට හැකියි - සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් දන්වයි

මැතිවරණ කොමිසම විසින් ඔ්නෑම දිනයක මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය කරන නිර්දේශ ලබා දීමට හැකියාව පවතින බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කරයි.

මේ වන විට රට ක්‍රම ක්‍රමයෙන් සාමාන්‍යකරණයට පත්වෙමින් තිබෙන බවත් පවසන ඔහු මැතිවරණ කොමිසමට මැතිවරණ පැවැත්වීම සඳහා සහාය වීමට තමනට හැකියාවක් ඇති බවද පවසයි.

නමුත් මැතිවරණය පැවැත්වීම හෝ ඊට දින නියම කිරීම තම කාර්යයක් නොව එය මැතිවරණ කොමිසමේ කාර්යයක් බව ද ඔහු පැවසීය.

මැතිවරණ කොමිසම ඉල්ලා සිටින ඕනෑම අවස්ථාවක ඊට අවශ්‍ය නිර්දේශ ලබා දීමට හැකියාවක් ඇති බවද ඔහු තව දුරටත් සඳහන් කළේය.


No comments:

Powered by Blogger.