Header Ads

Breaking News
recent

තේ කම්කරුවන්ට එල්ල වු බඹර ප්‍රහාරයකින් තිදරු මවක් මිය යයි.. තවත් පිරිසක් වත්තේ තැන තැන වැටිලා.. මුදා ගැනීමට පොලිස් මෙහෙයුම්

තේ දළු නෙලමින් සිටි වතු කම්කරුවන් පිරිසකට (25) දින එල්ල වු බඹර ප්‍රහාරයකින් තිදරු මවක් ජිවිතක්ෂයට පත් වි ඇති බව හැටන් පොලිසිය පැවසිය.

මෙසේ ජිවිතක්ෂයට පත් වි ඇත්තේ හැටන් පොලිස් වසමට අයත් ඇබොස්ලි වතු යායේ පදිංචි අම්බිගා මලර් නැමති (48) හැවිරිදි තිදරු මවකි.


හැටන් පොලිස් වසමට අයත් දික්ඔය තේ වත්තේ තේ දළු නෙලමින් සිටියදි ගසක් මත බැද තිබු බඹර කුඩුවක බඹර වදයක් කඩා ගැනිමට උකුස්සෙකු පහර දිම නිසා බඹර කුඩුව කැඩි තේ ගස් මතට වැටිම  හේතුවෙන් බඹරුන් ඇවිස්සි තමන්ට පහර දුන් බවයි බඹර ප්‍රහාරයෙන් තුවාල ලබා සිටින වතු කම්කරුවන් කියා සිටියේ.

ඇවිස්සුණු බඹරුන් තවත් පිරිසකට පහර දිම නිසා ඔහුන් බඹර ප්‍රහාරයෙන් තුවාල ලබා තේ වත්තේම වැටි සිටින බවත්, ඔහුන් මුදා ගැනිමට මේ වන විට හැටන් පොලිසියේ නිලධාරින් සහ වතු කම්කරුවන් දැඩි උත්සහයක නිරත වි සිටියි.

බඹර ප්‍රහාරයෙන් දැඩි ලෙස තුවාල ලැබු වතු කම්කරු කාන්තාවන් හය දෙනෙකු සහ වතු කම්කරුවන් දෙදෙනෙකු දික්ඔය මුලික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කර ඇති බවද දික්ඔය මුලික රෝහලේ වෛද්‍යයවරුන් පැවසිය.

– හැටන් රංජිත් රාජපක්ෂ


No comments:

Powered by Blogger.