Header Ads

Breaking News
recent

සීෂෙල්ස් සිට රෝගීන් ගෙනා ගුවන් යානයේ එරට සගවා තිබූ මෙරට ලොක්කන්ගේ කළු සල්ලි ගෙනැත් - පී හැරිසන්

සීෂෙල්ස් රාජ්‍යයේ සිට රෝගීන් 35 දෙනෙකු ප්‍රතිකාර සඳහා මෙරටට ගෙන ආවේ වෙනත් යටි අරමුණක් සහිතව බව හිටපු එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී පී හැරිසන් මහතා සඳහන් කරයි.

ඔහු පෙන්වා දෙන්නේ එරට සගවා ඇති මෙරට ප්‍රබලයන්ගේ කලු සල්ලි එම ගුවන් යානය මගින් මෙරටට ගෙන ඒමට කටයුතු කර ඇති බවයි.
ඕනෑ තරම් කළු සල්ලි මෙරටට ගෙන ආවොත් බාරගන්නා බවට ඇමැති බන්දුල ගුණවර්ධන මහතා විසින් කලින් ප්‍රකාශ කර ඇත්තේ ඒ අනුව බවද ඔහු සඳහන් කළේය.

ලෝකයෙ කළු සල්ලි සුදු කරන එකම රට ශ්‍රී ලංකාව බවත් වෙනත් කිසිදු රටක එය සිදු නොකරන බවත් ඔහු පැවසීය.

ඔහු මේ බව සදහන් කලේ අනුරාධපුරයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.


No comments:

Powered by Blogger.