මහ ඡන්දෙට කලින් පෙරහුරු ඡන්දයක් !
කොවිඩ් වෛරසයේ අවදානම සම්පූර්ණයෙන් පහව ගොස් නොමැති නමුත් මහ මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය නම් ඒ සඳහා අවශ්‍ය සෞඛ්‍යාරක්ෂිත තත්වය රටතුල ස්ථාපිත වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක, විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පසුගියදා ජනාධිපති ලේකම්වරයා වෙත දැනුම් දී තිබිණි.
ඒ අනුව මහ මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය කටයුතු මේ වනවිට සූදානම් වෙමින් පවතින අතර ඉදිරි සතිය තුළ ඒ සඳහා හදිසි පෙරහුරු මැතිවරණයක් පැවැත්වීම සඳහා ද සෞඛ්‍ය අංශ සූදානමින් සිටී. ඒ ඡන්දදායකයන් දැනුවත් කිරීමේ අරමුණෙනි.
සෞඛ්‍යාරක්ෂිත ලෙස ඡන්ද පොළක් පවත්වාගෙන යා යුත්තේ කෙසේද, ජනතාව අනුගමනය කළයුතු ආරක්ෂිත ක්‍රමවේද මොනවාද, නිළධාරීන් අනුගමනය කළයුතු ආරක්ෂිත ක්‍රමවේද මොනවාද, සමාජ දුරස්ථභාවය පවත්වා ගනිමින් ඡන්දය භාවිතා කරන්නේ කෙසේද යන කරුණු සම්බන්ධයෙන් එහිදී අවධානය යොමුවන බවයි වාර්තා වන්නේ.
මෙම පෙරහුරු මැතිවරණය සඳහා මැතිවරණ කොමිසමේ නිළධාරීන්, මැතිවරණ ක්‍රියාවලිය හා සම්බන්ධ රාජ්‍ය නිලධාරීන්, ආරක්ෂක අංශ ඇතුළු සියලු පාර්ශ්වය සහභාගි වීමට නියමිතය.

No comments: