Header Ads

Breaking News
recent

මහමෙවුනා අසපුවේ භික්‍ෂූන්ට කොරෝනා පරීක්‍ෂණ

ත්නපුරේ ගිළිමලේ මහමෙවුනා භාවනා අසපුවේ ස්වාමින්වහන්සේලා 07 දෙනාට සහ ගිහියන් දෙදෙනාට කොරෝනා වයිරසය ආසාදනය වි නොමැති බවට (08) පස්වරුවේ රත්නපුර ශික්ෂණ රෝහල් දි සිදුකල පි.සි.ආර් (PCR) පරික්ෂණයෙන් තහවුරු වි ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.
වැලිසර නාවික කදවුරේ සිට නිවාඩුව පැමිණි නාවික සෙබලෙකු ලිි කැටයමි කැපිම සදහා ගිළිමලේ මහමෙවුනා භාවනා අසපුවට ගොස් තිබුණි.

එම නාවික සෙබලාට ඉකුත් (28) වැනිදා සිදුකල පි.සි.ආර් පරික්ෂණයෙන් පසු කොරෝනා වයිරසය ආසාදනය වි ඇති බවට තහවුරු විමත් සමග එම ස්වාමින්වහන්සේලා 07 දෙනා සහ ගිහියන් දෙදෙනා විහාරස්ථානය තුල ස්වයං නිරෝධනයට යොමු කිරිමට සෞඛ්‍ය සහ ආරක්ෂක අංශ කටයුතු කළහ.

පසුව (08) සිදුකල පි.සි.ආර්. පරික්ෂණයෙන් පසු එම ස්වාමින්වහන්සේලාට සහ ගිහින් දෙදෙනාට කොරෝනා වයිරසය ආසාදනය වි නොමැති බවට තහවුරු වි ඇති බව ආරක්ෂක අංශ පවසයි.

– බලන්ගොඩ  සමිපත්  ප්‍රියනන්දන


No comments:

Powered by Blogger.