Header Ads

Breaking News
recent

"Covidb19" සුව කිරීමට රහස් බෙහෙතක් ඇති බවට කිසි විටෙකත් ප්‍රකාශයක් කලේ නැහැ - විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල

මේ දිනවල ලෝකය පුරා පැතිරී යන කෝවිඩ් 19 වෛරසයට රහස් බෙහෙතක් ඇති බවට ප්‍රකාශ කළා යැයි සඳහන් කරමින් පළ වන වාර්තා අසත්‍ය බව  විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මහත්මිය පවසයි.

සිය මුහුණු පොතේ වීඩියෝවක් නිකුත් කරමින් ඇය සඳහන් කරන්නේ එවැනි ප්‍රකාශයක් රූපවාහිනී නාලිකාවක වැඩසටහනකට සහභාගී වෙමින් ප්‍රකාශ නොකළ බවයි.
ඇය සඳහන් කරන්නේ එම ප්‍රකාශය ව්‍යාජ ලෙස උපුටා දක්වමින් , වැරදි අර්ථකථන ලබා දෙමින් රහස් බෙහෙතක් ප්‍රකාශ කළ බවට බොහෝ සමාජ මාධ්‍ය සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක ප්‍රකාශ කළ බව ඇය සඳහන් කරයි.

එම මන්ත්‍රීවරියට එරෙහිව මේ වන විට වෛද්‍ය සීතා අරඹේපොල මහත්මිය නඩුවක් ගොනු කර තිබේ.

ඇය සිය ෆේස්බුක් ගිණුමේ මේ පිළිබඳව ප්‍රකාශ කරමින් එක්කර තිබූ වීඩියෝව පහතින්,


No comments:

Powered by Blogger.