Header Ads

Breaking News
recent

නාවික හමුදාව විශේෂ නිවේදනයක් නිකුත් කරයි



කොරෝනා වසංගතය රටතුල ව්‍යාප්තිය වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් විවිධ ව්‍යාපෘති රැසක් සිදු කරමින් සිටින අතර, ඒ සඳහා අවශ්‍ය සෞඛ්‍යාරක්‍ෂිත උපකරණ හා ඇදුම් මෙන්ම ද්‍රව්‍යමය ආධාර විවිධ පාර්ශවයන් වෙතින් නාවික හමුදාව වෙත ලබා දෙනු ලබයි.

එසේ වුවද මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ නාවික හමුදාව සඳහා ආධාර ලබා දෙන ලෙස අසත්‍ය ප්‍රචාර සිදු කරමින් පවතින බව නිරීක්‍ෂණය වන අතර, නාවික හමුදාව කිසිදු විටෙක එලෙස දෙවන පාර්ශවයක් වෙත නාවික හමුදාව වෙනුවෙන් ආධාර රැස් කිරීම සඳහා කිසිදු අනුමැතියක් ලබාදී නොමැති හෙයින් එවැනි අසත්‍ය ප්‍රචාර සඳහා ප්‍රතිචාර දැක්වීමෙන් වළකින ලෙස මහජනතාව වෙත අවධාරණය කෙරේ.

No comments:

Powered by Blogger.