Header Ads

Breaking News
recent

‘කුවේටයෙන් සිතා මතා කොරෝනා ආසාදිතයන් ලංකාවට එවුවා.. අපිට බෝම්බයක් ගැහුවා..’ - ශ‍්‍රී ලංකා රජයෙන් දැඩි චෝදනාවක්

විදේශගත ශ්‍රමිකයන් ගෙන්වීමේදී මෙරට තුල කොරෝනා නැවතත් පැතිරීමේ අවදානමක් ඇති නිසා ඔවුන් ගෙන ඒම තාවකාලිකව අත්හිටුවා ඇති බවත් ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

කුවේටයේ සිට මෙරට ගෙන්වන ලද පිරිස අතරේ කොරෝනා ආසාදිතයන් සිතා මතා මෙරටට එවා ඇතැයිද ඔහු චෝදනා කරයි.
ඔහු මෙම අදහස් පළ කළේ දෙරණ රූපවාහිනිය සමග පැවති ‘360’ වැඩසටහනට එක්වෙමිනි.

‘කුවේට් වලින් ආව කට්ටිය අපි තෝර ගත්ත කට්ටියක් නෙවෙයි. ඒ රටෙන් ඒගොල්ලොම තෝරගෙන ඒගොල්ලන්ගෙ ෆ්ලයිට් එකේ එවපු කට්ටිය.

අපේ රටේ බබ්බු නෙමෙයි ඉන්නේ. ඉතාම පැහැදිලියි එහෙ ඉන්න කොරෝනා ලෙඩ්ඩු ටික මෙහාට එව්වා.

අපිට බෝම්බයක් ගැහුවා කියන එක තමයි අපිට මේක තේරෙන්නේ. මේවා අපිට හොද පාඩම්’ යයිද ඔහු එහිදී පැවසීය.


No comments:

Powered by Blogger.