Header Ads

Breaking News
recent

තව සෑහෙන කාලයක් මේ නඩුව ඇදෙනවා... රට අස්ථාවර වෙයි - දයාසිරි

හමැතිවරණ ගැසට් නිවේදනයට එරෙහිව පවරා ඇති නඩු විභාග කර අවසන් කිරීමට තවත් දීර්ඝ කාලයක් ගතවනු ඇති නිසා රට අස්ථාවරභාවයකට පත්විය හැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහමැතිවරණ අපේක්ෂක දයාසිරි ජයසේකර මහතා පවසයි.

"නඩුවක් පවත්වනකොට තමුන්නාන්සෙලා දන්නවා තව සෑහෙන කාලයක් මේ නඩුව ඇදෙනවා. ඉතිං ඒනිසා ඡන්දයක් තියන්න හම්බවෙන්නෙත් නෑ. රට අස්ථාවරභාවයට පත්කරන වැඩපිළිවෙලක් තමයි ක්‍රියාත්මක වෙන්නෙ" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

දයාසිරි ජයසේකර මහතා මේ බව පැවසුවේ ඊයේ (20) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවති රැස්වීමකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.


No comments:

Powered by Blogger.