Header Ads

Breaking News
recent

සජිත් සමග ගිය අසූව අපේ නොවෙයි - එජාපය කීමට සැරසෙයි

පැවැති පාර්ලිමේන්තුව යළි රැස් කිරීමට සිදු වුවහොත් සමගි ජන බලවේගය සමග එකතු වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අසූදෙනකු සිය පක්ෂයේ සාමාජිකයන් නොවන බවට පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට දැනුම් දීමට එක්සත් ජාතික පක්ෂය සූදානම් වන බවට එම පක්ෂයේ ආරංචිමාර්ග සඳහන් කරයි.

සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැති සාකච්ඡාවකදී මෙම යෝජනාව ඉදිරිපත් වී ඇත.

එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය සහිත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අසූදෙනෙක් මේ වන විට සමගි ජන බලවේගයෙන් පාර්ලිමේන්තු මහ මැතිවරණයට නාම යෝජනා ලබා දී ඇත.

එම හිටපු මන්ත්‍රීවරුන් සමගි ජන බලවේගයේ සාමාජිකයන් ලෙස එක්සත් ජාතික පක්ෂය සලකන බවද මෙම සාකච්ඡාවේදී තීරණය වී තිබේ.

එම නිසා යළි පාර්ලිමේන්තුව රැස් කළහොත් මෙම දැනුම්දීම පාර්ලිමේන්තු මහලේකම්වරයාට සිදු කිරීමට බොහෝ දුරට ඉඩකඩ ඇති බවද එක්සත් ජාතික පක්ෂ ආරංචිමාර්ග සඳහන් කරයි.

 උදයජීව ඒකනායක


No comments:

Powered by Blogger.