පාස්කු ප්‍රහාරය නොවැළැක්වීමට එරෙහි පෙත්සමි කැඳවයි... හිටපු ජනපති වෙනුවෙන් ෆයිසර් අධිකරණයට... රනිල් වෙනුවෙන් කිසිවෙක් නෑ !
බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් පාස්කු ඉරිදා එල්ලවූ ත‍්‍රස්ත ප‍්‍රහාරය මැඩ පැවැත්වීමට කටයුතු නොකිරීම තුළින් මූලික අයිතිවාසිකම් කඩ කළැයි චෝදනා කරමින් හිටපු ආරක්ෂක ලේකම් හා හිටපු පොලිස්පතිවරයා ඇතුළු පිරිසකට එරෙහිව ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම්වල වග උත්තරකරුවෙකු වන හිටපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන වෙනුවෙන් ජනාධිපති නීතීඥ ෆයිසර් මුස්තාපා ඊයේ (12) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෞද්ගලිකව පෙනී සිටියේය.
මෙම පෙත්සම් හිටපු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන සහ හිටපු ඇගමැති රනිල් වික්රමසිංහ වෙනුවෙන් තමන් පෙනි නොසිටන බව නීතිපතිවරයා සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලට මීට පෙර දැනුම් දැනුම් දී තිබූ අතර ඒ අනුව හිටපු ජනාධිපතිවරයා වෙනුවෙන් ජනාධිපති නීතීඥ ෆයිසර් මුස්තාපා ඊයේ දින පෙනී සිටියේය.
මෙම පෙත්සම් මීට පෙර අගවිනිසුරු ජයන්ත ජයසූරිය ප‍්‍රමුඛ සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ විභාගයට ගත් අතර මෙම පෙත්සම් කැඳවූයේ බුවනෙක අළුවිහාරේ, එස්. තුරෙයිරාජා සහ ගාමිණී අමරසේකරගෙන් යුතු ත‍්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේය.
හිටපු අගමැති රනිල් වික්රමසිංහ වෙනුවෙන් කිසිවෙකු පෙනී සිටියේ නැත.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi3ZMcEsJY00of-RoQU2ZGsmrgiIkxKyYldZKV_N2YU53px-R665fmj_YRophpbvYlD1Mv3BXqAFRE3bRQpnbr6TqW4gHH9zMHSaVP1TTM6tNzZezeo0tvho7hmJovjRIaRSkuHC8W5TVwP/s1600/shareit.jpg)

No comments: