Header Ads

Breaking News
recent

දුම්කොළ විරෝධී දිනය සහ ඇමති කාලේ රාජිත සිගරට්වලට ගහපු ගේම (video)

ලෝක දුම්වැටි විරෝධි දිනය අදට යෙදී ඇත. දුම් පානය  යනු සෞඛ්‍යමය සහ ආර්ථිකමය වශයෙන් රටකට ඉතා අවාසිදායක තත්වයකි .
සිගරට් බීම හේතුවෙන් වසරකට ශ්‍රී ලාංකිකයන් විසිදහසක් පමණ අකාලයේ මරණයට පත් වෙයි . එමෙන්ම තවත් විශාල  පිරිසක් සිගරට් බිම හේතුවෙන් රෝගාබාද වලට ගොදුරු වෙයි .
මීට අමතරව අක්‍රීය දුම්පානයට ගොදුරුවන සිගරට් නොබොන පිරිස්ද විශාල වශයෙන් රෝගාබාද වලට ගොදුරුව පිඩා විදිමින් සිටි.

විශේෂයෙන්ම ගර්භනී සමය තුල දුම්පානයට නිරාවරණය වීම හේතුවෙන් මළ දරු උපත්ද  සිදු වේ. සිගරට් බිම හේතුවෙන් රෝගි වන පිරිස වෙනුවෙන් වසරකට රජයට රුපියල් බිලියන අනුවකට අධික සෞඛ්‍යමය වියදමක් දැරීමට සිදුව ඇත.

අපේ රටේ දුම් පානයට ඇබ්බැහිව සිටින්නන් විසින් ඒ සදහා දිනකට කෝටි  හතළිහකට ආසන්න මුදලක් වියදම් කරන අතර ඔවුනගෙන් බහුතරය අඩු ආදයම්ලාභින් වෙයි.  මේ දිනවල ලෝකයම දනගස්සවා ඇති කොරෝනා ‌ෛවරසයෙන් මරණයට පත් වූ බොහෝමයක් දෙනාද දුම්පානය කරන්නන් බවට සමික්ෂණ වලින් තහවුරු වි ඇත. අද වන විට දුම්වැටි සමාගම් විශාල වශයෙන් අවුරුදු  විසි එකත් විසි හතරත් අතර වයස්වල පසු වන තරුණයන්ව සිය දුම්වැටි ව්යා පාරයේ ගොදුරු බවට පත් කර ගනිමින් සිටි .

ශ්‍රී ලංකාවේ තරුණයින් විශාල පිරිසක් බන්ධනාගාර ගතව විවිධ හේතුන් මත දඩුවම් විදිම්න් සිටි. ඉතිරි පිරිස දුම්වැටිවල ඇබ්බැහිව ශාරීරික දුබලතාවයන්ට මුහුණ දී රෝගීන් බවට පත්ව සිටි. මේ හේතුවෙන් ශ්‍රී ලංකාවේ ශ්‍රම බලකායෙන් බොහෝ පිරිසක් රටේ යහපත උදෙසා නොව රටේ මුදල් විනාශ කර දමන පිරිසක් බවට පත්ව ඇත. ශ්‍රී ලංකාවේ තිස් තුන් වසරක් පැවතී කුරිරු යුද්ධයෙන් හෝ, සුනාමියෙන්වත් දුම්වැටි හේතුවෙන් මිය යන්නන් තරම් ප්‍රමාණයක් මරණයට පත්ව නැත. මෙම සත්‍ය සගවමින් දුම්වැටි සමාගම් සිය ප්‍රචාරණය සූක්ෂම අයුරින් සිදු කරයි .

දුම්කොල විරෝධි ශ්‍රී ලංකික සටන

මල්ටි මිලියන් ව්‍යාපාරයක් වන දුම්වැටි සමාගම් වලට එරහිව නැගී සිටීම ඉතා අවධානම් සහගත සහ ඉතා අපහසු කාර්යකි. මන්ද ඔවුන් සිය ව්‍යාපාරය උදෙසා වියදම් කරනු ලබන මුදල් සහ යොදනු ලබන බලය සිතීමට පවා අපහසු තරම්ය. නමුත් අද වන විට ශ්‍රී ලංකාව ලෝකයේම දුම්වැටි වලට එරහිව නැගී සිටින රටක් ලෙස නැගී සිටිමින් සිටින  අතර දුම්කොළ  විරෝධි සම්මානය පවා පිට පිට වසර කිහිපයකදීම  ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ශ්‍රී ලංකාවට පිරිනමා ඇත. එසේම දුම්වැටි සදහා සියයට අනුවක බද්දක් ගසා ඇති එකම රට බවටත් ශ්‍රී ලංකාව පත්ව ඇත .

ශ්‍රී ලංකාව තුල එවන් වට පිටාවක් නිර්මාණය කිරිමෙහිලා ප්‍රමුඛස්ථානයක් ගෙන කටයුතු කරනු ලැබුවේ පසුගිය  ආණ්ඩුවේ  සෞඛ්‍ය ඇමැති ධුරය දැරූ රාජිත සේනාරත්න මහතාය. දුම් වැටි සම්බන්ධයෙන් දැඩි ප්‍රතිපත්තියක් අනුගමනය කල හිටපු සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා සිගරට් පැකට්ටුවේ රූපමය අවවාද සියයට අසුවකට වඩා අඩංගු විය යුතු බවට නිති පනවන ලදී. තවද සිගරට් සදහා සියයට අනුවක බද්දක් පැනවීය. එය ලෝකයේ රටක් සිගරට් සදහා පැනවූ විශාලම බද්ද බවටද වාර්තා විය.

එකි දැඩි ප්‍රතිපත්ති හේතුවෙන් මෙරට සිගරට් භාවිතය විශාල වශයෙන් අඩු වු අතර එමගින් දුම් කොල සමාගමට ඇති වු පාඩුව දරා ගත නොහැකි වු යුරෝපා දුම් කොල සමාගමේ සභාපතිවරයා පුද්ගලික ගුවන් යානයකින් ලංකාවට පැමිණ හිටපු සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතාට බදු ඉවත් කර ගැනීම සම්බන්ධයෙන් බලපෑම් කරනු ලැබුවද හිටපු සෞඛ්‍ය ඇමැතිවරයාගේ දැඩි ස්ථාවරය හේතුවෙන් එම උත්සාහය ව්‍යර්ථවන ලදී.

දුම් කොළ සමාගම් වලට අවනත නොවීම හේතුවෙන් හිටපු  සෞඛ්‍ය ඇමතිවරයාට විවිධ  ගැටළු වලට මුහුණ දීමට සිදු වූ අතර එතුමා තව  දුරටත් සෞඛ්‍ය ඇමති ධුරයේ හෝ දේශපාලනයේ ඉහළ ස්ථරයකට යනු ලැබුවහොත් ඔවුනට මුහුන දීමට සිදුවන පාඩුව දුටු දුම් කොළ සමාගම් රාජිත විරෝධී  මහජන මතයක් ගොඩ නැගීමට සිය මුදල් යෙද වීම ආරම්භ කරන ලදී.

සිගරට්වලට ගෙන්වීමට විරුද්ධව තම රජයටම එරෙහි වූ රාජිත සේනාරත්න 

පසුගිය යහපාලන ආණ්ඩුවේ මුදල් ඇමති  ශ්‍රී ලංකාවේ  සේවයේ නියුතු චීන ජාතිකයන්ගේ භාවිතාව සදහා චීන සිගරට් ගෙන් වීමට යැයි පවසමින් තවත් දුම් වැටී සමාගමකට අවසර දීමට සුදානම් වූ අවස්ථාවේදී එවකට සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න ඒ සම්බන්දයෙන් දැඩි ස්ථාවරයක සිටි අතර එවැන්නක් සිදු කිරීමට සුදානම් වන්නේ නම් ආණ්ඩුවට එ‌ෙරහි පළමු කැරැල්ල තමන් විසින්ම ආරම්භ කරන බව පවසමින් ප්‍රසිද්ධියේ සිය විරෝධය පළ කර සිටින ලදී. එකි විරෝධතාවය නොවන්නට මේ වන විට ශ්‍රී ලාංකිකයන්ගේ මුව තුලත් චීන සිගරට් පත්තු වනු ඇත.

නව රජයෙන් අප අපේක්ෂා කරනුයේ දුම් කොල සමාගම් වල වරප්‍රසාද වලට යට නොවී හිටපු සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මහතා ගෙන ගිය දුම් කොල විරෝධි සටන මෙරටින් දුම්වැටි තුරන් වන තෙක් නොනවත්වාම පවත්වා ගෙන යන ලෙසටය.

දුම් කොල සමාගම් සහ දුම් වැටී විරෝධි සටන පිලිබදව හිටපු  සෞඛ්‍ය ඇමැතිවරයා ඉකුත් දුම් වැටී විරෝධි දිනය දා අප වෙබ් අඩවිය සමග සිදු කල සාකච්චාවේ කොටස් ඇතුලත් වීඩියෝව පහතින්


No comments:

Powered by Blogger.